පි මීට පෙර ලිපියකින් ඔබේ දෑත් වල පිහිටීම අනුව ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අවබෝධයක් ලබා ගන්නා ආකාරය ගැන සාකච්චා කළා. අද අපි සාකච්චා කරන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය හෙළි කිරීමට සමත් වන ඔබේ දෙපයේ පිහිටීම ගැනයි. ඔබේ පාද වල ඇති වෙනස්කම් නිරීක්ෂණය කර ඔබට තිබිය හැකි රෝගී තත්වයන් ගැන දල අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.


fb-like-beg


6 හිරිවැටීම්  

Image Source – brightside.me

දෙපා විටින් විට හිරි වැටීමට හේතුව වන්නේ ස්නායු වල ආබාධයක් නිසායි. අපේ මනස හා ශරීරය අතර ඇති පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා අපගේ ස්නායු පද්ධතිය වගකීම ගන්නා අතර, එමඟින් ස්පර්ශය, දැකීම, ඇසීම වැනි සංවේදනා අපට දැනෙන්නට සලස්වයි. එඉතින් මෙම ස්නායු වලට යම් හානියක් සිදු වුවහොත් ශරීරයේ විවිධ කොටස්වල ගැටළු ඇති විය හැක.


7 දෙපා සන්ධි වල වේදනා ඇති වීම

Image Source – brightside.me

දෙපයේ සන්ධි වල වේදනාවන් ඇති වන්නේ රූමැටොයිඩ් ආතරයිටීස් රෝගය නිසා වෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් සංධි වලට බලපාන අතර, අවසානයේ දී අස්ථි ඛාදනය හා ඒකාබද්ධ විකෘතිතාවය සහ වේදනාකාරී ඉදිමීම් වලට හේතු විය හැක.


8 සමේ පතුරු ගැලවුණු පතුල්

Image Source – brightside.me

ඔබේ පතුල් වල සමේ පොතු ගැලවී යන සුළු නම්, මෙය දිලිර ආසාදනයක් වෙන්න පුළුවන්. සෙරප්පු පළඳින්නේ නැතිව පොදු ස්ථාන වල ඇවිදීමෙන්, පොදු නාන තටාක වල ස්නානය කිරීමෙන් මෙම ආසාදනයට මුහුණ දීමට සිදු වේ.


9 පා ඇඟිලි වල වර්ණය වෙනස් වීම

Image Source – brightside.me

පාදයේ ඇඟිලි වල වර්ණයන්හි වෙනස්කම් ඇති වන්නේ රේනෝ රෝගය නිසායි. මෙසේ සිදු වන්නේ ධමනි සිහින් වීම නිසායි. එමඟින් පා ඇඟිලි වලට රුධිරය ලැබෙන ප්‍රමාණය අඩු වේ. ඔබේ පවුලේ ඉතිහාසයේ මෙම රෝගයෙන් පීඩා විඳින්නන් සිටී නම් ඔබ විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි.


10 යටිපතුල් රතු වීම සහ වේදනා ඇති වීම

Image Source – brightside.me

ඔබේ යටිපතුල් වලත් මෙවැනි ලක්ෂණ පවතිනවා නම්, එය බොහෝ විට ලේ කැටි සිර වීමක ලක්ෂණයක් වෙන්න පුළුවන්. රුධිර කැටියකට රුධිර නාල තුර සිර වීමෙන්ය වේදනාව හා ඉදිමීම ඇති විය හැකි අතර, එය ඉවත් නොකළ හොත් ජීවිතයට තර්ජනයක් පවා විය හැක.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

දෙපයේ වෙනස්කම් නිරීක්ෂණය කරමින් ඔබේ සෞඛ්‍ය තත්වය හඳුනා ගන්න -1 කොටස

SHARE