මෙ

නික්‍යු සහ පෙඩික්‍යු වලදී සිදු කරන්නේ දෑත් සහ දෙපා පිරිසිඳු කිරීමයි. මේ මඟින් දෑත් සහ දෙපා පැහැපත් කර ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මුහුණ ගැන උනන්දුවක් දැක්වුවත්, දෑත් සහ දෙපා වල සුන්දරත්වය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙනික්‍යු සහ පෙඩික්‍යු කියන්නේ ඒ සඳහා රුපලවන්‍යාගාර වලින් හෝ තනිවම නිවසේදීම කර ගත හැකි සත්කාරයක්. ඉතින් අද අපි තීරණය කළා Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

මෙනික්‍යු සහ පෙඩික්‍යු සිදු කිරීමෙන් අත් වන වාසි

  • දෑත් සහ දෙපා වලට පෝෂණයක් ලැබීම
  • රුධිර සංසරණය ක්‍රමවත් වීම
  • මාංශ පේශී ශක්තිමත් වීම
  • මැරුණු සම ඉවත් වීම
  • මානසික සහනය ඇති වීම

මෙනික්‍යු එකක් ඔබේ නිවසේදීම සිදු කර ගත හැකි ආකාරය  

  • ඔබේ දෑත් හොඳින් පිරිසිඳු කර ගන්න. මේ සඳහා ෂැම්පු සහ ඩෙටෝල් මුසු කළ ජලය භාවිතා කරන්න.
  • බ්‍රෂ් එකකින් නියපොතු හොඳින් පිරිසිඳු කර ගන්න.
  • අත් දෙක හොඳින් පිස දමා, ගල්වා තිබූ නිය ආලේපන ඉවත් කරන්න. නියපොතු කපා ගන්න.
  • ඔබේ සමට ගැලපෙන ස්ක්‍රබ් එකක් ගෙන අත් ස්ක්‍රබ් කරන්න.
  • පැක් එකක් දමා පැය භාගයකින් පමණ ඉවත් කරන්න.
  • ක්‍රීම් එකක් ගල්වා සම්බාහනය කරන්න. ක්‍රීම් වෙනුවට ඔලිව් ඔයිල් වුවද යොදා ගත හැක.
  • උණුසුම් තුවායකින් දෑත් හොඳින් පිස දමා මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගල්වන්න.
  • නිය ආලේපන ගල්වන්න.

පෙඩික්‍යු එකක් ඔබේ නිවසේදීම සිදු කර ගත හැකි ආකාරය

  • බේසමකට ඩෙටෝල්, ෂැම්පු සහ ජලය යොදා ද්‍රාවණයක් සකස් කර ගන්න.
  • එයට දෙපා බස්සා මඳ වේලාවක් පෙඟෙන්නට දෙන්න. ඉන් පසු දෙපා හොඳින් පිරිසිඳු කරන්න.
  • දෙපා ඉවතට ගෙන, තුවායකින් තෙත මාත්තු කරන්න.
  • බ්‍රෂ් එකකින් දෙපයේ නියපොතු හොඳින් පිරිසිඳු කර ගන්න.
  • නියපොතු ඔබ කැමති හැඩයකට කපා ගන්න.
  • ඔබේ සමට ගැලපෙන ස්ක්‍රබ් එකක් ගෙන දෙපා ස්ක්‍රබ් කරන්න.
  • පැක් එකක් දමා පැය භාගයකින් පමණ ඉවත් කරන්න.
  • ක්‍රීම් එකක් ගල්වා සම්බාහනය කරන්න. ක්‍රීම් වෙනුවට ඔලිව් ඔයිල් වුවද යොදා ගත හැක.
  • උණුසුම් තුවායකින් දෙපා හොඳින් පිස දමා මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගල්වන්න.
  • නිය ආලේපන ගල්වන්න.      

මෙය කර ගැනීමේදී පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකු හරහා හෝ තමා විසින්ම පිරිසිඳුව කර ගත යුතුය. නැති නම් අතුරුඵල ඇති විය හැකියි.

  • කකුල් වැඩි වෙලාවක් ජලයේ බහා තබන නිසා, භාවිතා කරන උපකරණ ජීවානුහරණය නොකිරීම නිසා සහ භාවිතා කරන ජල බඳුනේ ජලය මාරු නොකිරීම නිසා පහසුවෙන් දිලීර සහ බැක්ටීරියා ආසාදන වලට ගොදුරු විය හැක.
  • නියපොතු කෙලවර තුවාල වීම සහ ඉදිමීම.
  • සමේ රෝම ඉවත් කල පසු බැක්ටීරියා ආසාදන වලට ලක් වී, සමේ රතු පැහැති ලප ඇති වීම.
  • ඉන්නන් බෝ වීම
  • ඇඟිල්ල හා නියපොත්ත වෙන් කරන දාරය තුවාල වීම.
  • කසානා රෝගය වැළඳීම.
  • නිය ආලේපන සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කල හොත්, නියපොතු දුර්වර්ණ වීම හා දුර්වල වීම.
  • HIV හා හෙපටයිටීස් රෝග බෝ වීම.

 

SHARE