තීතයේ ජිවත් වුණු ලලනාවන්ගේ රූපය තවත් සුන්දර කරවන්න ඔවුන්ගේ දිගු කෙස් කළඹ ඔවුන්ට උදව් වුණු බව අපි හැමෝම දන්නවා. අතීතයේ විසූ කාන්තාවන් සියල්ලන්ටම පාහේ නිරෝගී, නිල්වන් සහ දිදුලන කෙස් කළඹක් හිමි වෙලා තිබුණා. නමුත් වර්තමානය වන විට අපේ කාන්තාවන්ගේ කෙස් විවිධ හේතු නිසා ගොඩාක් දුර්වල වෙලා. ඔවුන්ගේ කෙස් වැවෙන වේගය ගොඩක් අඩුයි, කෙස් ඉක්මනින්ම වැටෙනවා. සමහරුන්ගේ කෙස් අකලට සුදු වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය හරහා මේ ගැටලුවට කදිම විසඳුමක් ලබා දෙන්න.


fb-like-beg


වර්තමාන කාන්තාවන්ගේ හිස කෙස් මෙතරම් දුර්වල වීමට බලපාන හේතු කිහිපයක්ම තිබෙනවා.

  • පරිසර දුෂණයේ ප්‍රතිඵලයක් ලෙස  
  • අධික හිරු එලියට නිරාවරණය වීම
  • මානසික ආතතිය
  • අයහපත් ආහාර පුරුදු
  • මත්පැන් භාවිතය

මේ ගැටලුවට හොඳම විසඳුම

කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපට අපේ කෙස් කලඹට සත්කාර කිරීම සඳහා අපේ දවසෙන් වැඩි කාලයක් ගත කරන එක ඇත්තටම අමාරු වැඩක්. ඉතින් ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරය වන ඇස්ට්‍රෝන් සමාගම මේ ගැටළුව සඳහා දීර්ඝකාලීනව පරීක්ෂණ සිදු කරලා, අවසානයේදී හොඳ විසඳුමක් හොයා ගත්තා. ඒ තමයි බියුටීන්. බියුටීන් නිපදවනු ලැබුවේ GMP, ISO 22000 සහ HACCP ජාත්‍යන්තර තත්ත්ව සහතික යටතේයි.

සාමාන්‍යයෙන් අවුරුදු 25න් පසු කාන්තාවන්ගෙ ශරීරයේ විවිධ වෙනස්කම් හට ගන්නවා. ඔවුන්ගේ කාර්යබහුල ජිවන රටාවත් එක්ක ඔවුන් මානසික ආතතියටත් පත් වෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස නුතන කාන්තාව ඉක්මනින් වියපත් වෙනවා. ඇයට සැමියාගේ සහ අන් අයගේ ආකර්ෂණය අහිමි වෙන්නත් මෙය හේතුවක් වෙනවා. ඉතින් මේ සඳහා හොඳම විසඳුම තමයි බියුටීන්. බියුටීන් අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට, ගැහැණු පිරිමි බේදයක් නැතිවම භාවිතා කරන්න පුළුවන්.


බියුටීන් දේශීය නිෂ්පාදනයක් බව ඔබ දැන සිටියාද?

මේ බියුටීන් දේශීය නිෂ්පාදනයක් නිසා ඔබට කිසිම බයක් සැකක් නැතිවම භාවිතා කරන්න පුළුවන්. බියුටීන් කැප්සියුලය දවසකට එක් කරල බැගින්, සති 12ක කාලයක් භාවිතයට ගැනීමෙන් ඔබට එහි ඉක්මන් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. දිගටම මෙය භාවිතා කිරීමෙන් නිරෝගී, දිදුලන කෙස් කළඹක හිමිකාරිනියක් වෙන්න ඔබටත් පුළුවන් වේවි.


හිසකෙස් විතරක් නෙවෙයි සම සහ නියපොතුත් ආරක්ෂා කරනවා

ඇත්තටම කිව්වොත් බියුටීන් උපකාරී වෙන්නේ ඔබේ කෙස් කළඹ ආරක්ෂා කර ගන්න විතරමක් නෙවෙයි. බියුටීන් ඔබේ නියපොතු සහ සම යටින් පිහිටන බාහිර පටක වල ආරක්ෂාවටත් උපාකාරී වෙනවා. බියුටීන් වල තිබෙන පෝෂක සංඝටකයන් සහ විද්‍යානුකුලව, නවීන පර්යේෂණ මඟින් තහවුරු කරලා තියෙනවා.


බියුටීන් 100% ක් ආරක්ෂිතයි

බොහෝ පෝෂණ අතිරේක වල අතුරු ආබාධ තිබෙනවා. නමුත් බියුටීන් භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බියුටීන් නිසා බර වැඩි වෙන්නෙත් නැහැ.

වෙනත් පෝෂණ අතිරේක බෝ නොවන රෝග සඳහා ලබා දෙන ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කරනවා. නමුත් බියුටීන් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා ලබා ගන්න ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම බියුටීන් නිසා කිසි විටෙක දිගු කාලීන හෝ කෙටි කාලීන සංකුලතා ඇති වෙන්නේ නැහැ.

නමුත් ගර්භණි කාන්තාවක් බියුටීන් භාවිතා කිරීමට අදහස් කරනවා නම්, ඊට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ.


බියුටීන් වල අඩංගු වන පෝෂණ සංඝටක

♦ Functional keratin

හිස කෙස්, සම සහ නියපොතු ශක්තිමත් කර, කාන්තියෙන් දිදුලවන්නට මේ සංඝටකය උපකාරී වෙනවා. සමේ රැලි වැටීම අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Coenzyme Q 10

මෙය ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්. මේ මඟින් සම හිරු කිරණ වලින් ආරක්ෂා කරවනවා. එමෙන්ම සමේ රැලි වැටීම අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Collagen Hydrolyzed

සමේ තෙතමනය රැක ගැනීම, සිනිඳු බව සහ ඇදෙන සුළු බව වැඩි දියුණු කරමින් රැලි වැටීම අවම කරවනවා.

♦ Vitamin C

හිස කෙස් වර්ධනය කරන අතර නියපොතු වලට දීප්තිමත් පෙනුමක් ගෙන දෙනවා.

♦ B- Biotin

හිස කෙස් වැටීම වළක්වන අතර, කෙස් සහ නියපොතු වලට පෝෂණයක් ලබා දෙනවා.

♦ Zinc

හිස කෙස් වැටීම වළක්වා, ශක්තිමත් කරවනවා. එමෙන්ම සම පැහැපත් කරවීමටත් මේ සංඝටකය උපකාරී වෙනවා.

♦ Copper

නව කෙස් වර්ධනය කිරීමටත්, සමේ සිනිඳු බව වැඩි කිරීමටත් මේ සංඝටකය උපකාරී වෙනවා.

♦ Alpha Lipoic Acid

සමේ රැලි වැටීම පාලනය කර, ලප කැළැල් අවම කරවනවා.

♦ Niacinamide

සමේ රැලි වැටීම් සහ අව පැහැ ගැන්වීම් අවම කර, සමේ තෙතමනය රැක දෙනවා.


ඔබ බියුටීන්ම තෝරා ගත යුත්තේ ඇයි ?

1956 වසරේ ආරම්භ කරන ලද ඇස්ට්‍රෝන් සමාගම, වසර 60කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකික මහජන විශ්වාසය දිනා ගනිමින් පැවත එන ප්‍රමුඛතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් වෙනවා. එමෙන්ම වෙනත් පෝෂණ අතිරේක ඔබට දිනකට කැප්සියුල 2 බැගින් ගැනීමට නියම කරනවා. නමුත් ඔබ බියුටීන් කැප්සියුල ලබා ගන්නවා නම්, දිනකට එකක් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. එය ඔබේ මුදල් නාස්තිය වළකනවා.

නිරෝගී දිදුලන කෙස් කළඹක් පවත්වාගෙන යන අතරේ පැහැපත් සමක් සහ නිරෝගී නියපොතු ඔබට ලබා දෙන්න එකම නිෂ්පාදනයක් සමත් වෙනවා නම් එය කොතරම් වාසනාවක්ද? ඔබේ ජීවිතේ කාර්යබහුල නිසා ඔබ ඔබව මගහරින්න එපා. සුන්දර රුවක් පවත්වාගැනීම කියන්නේ හැම කාන්තාවක් විසින්ම සැලකිලිමත් විය යුතු දෙයක්. එය ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරනවා විතරක් නෙවෙයි ඔබේ සම්බන්ධතා පවා ශක්තිමත් කරනවා. නිරෝගී සුන්දර රුවක් පවත්වා ගැනීමට නම් බියුටීන් අපිට විශ්වාසයෙන් නිර්දේශ කළ හැකියි.

SHARE