සා

රිය කියන්නේ කාන්තාවකට ඉතාමත් ඔබින ඇඳුමක්. හැබැයි හැම කෙනාටම හැම සාරියම ගැලපෙන්නේ නම් නැහැ. තමන්ට ගැලපෙන හරිම විදිහේ සාරියක් තෝරා ගත්තොත් නම් ඔබේ සුන්දරත්වය කැපී පෙන්වන්නට සමත් වෙන ඇඳුමක් තමයි මේ. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ සාරිය ලස්සනට සහ නිවැරදිව අඳින්නට උපකාරී වන වටිනා උපදෙස් කීපයකුයි.

 


fb-like-beg


 

මුල් වතාවට සාරියක් අඳින යුවතියකට උපදෙස්

  • මුල් වතාවට සාරියක් අඳින යුවතියකට එය නුහුරුයි. නුහුරු බව නිසාම සාරියකින් ලැබිය යුතු සුන්දරත්වය ඇයට නොලැබී යන්න පුළුවන්. එවැනි යුවතියකට ගැලපෙන්නේ වැඩිය බරක් නැති, සැහැල්ලු සාරියක්. එය ඇයට සාරිය ඇඳීමටත්, සාරිය ඇඟේ රඳවා ගැනීමටත් උපකාරී වෙනවා.

  • මුල් වතාවට සාරියක් අඳින යුවතියකට වඩාත් සුදුසු වන්නේ ප්ලීට් තබා සාරි පොට උරහිසට තද වන සේ තබා, කටුවක් ගසා ගැනීමයි. එවිට ඇයගේ කාර්යයන් කර ගැනීමට එය පහසුවක් වෙනවා.

සාරිය තෝරා ගන්නකොට ශරීර ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි

  • ශරීරය ප්‍රමාණයෙන් සිහින් කාන්තාවකට නම් කඩා හැලෙන, සැහැල්ලු සාරි එතරම් සුදුසු නැහැ. එවැනි සාරියක් ඇඳීමෙන් සිදු වන්නේ සිහින් බව කැපී පෙනීමයි. සිහින් කාන්තාවකටපිම්බෙන සුළු සාරි ඇඳීමෙන් සුන්දර පෙනුමක් හිමි කර ගන්න පුළුවන්. එමෙන්ම සිහින් කාන්තාවකට තනි පාට සාරිත් එතරම් සුදුසු නැහැ. තනි පාට සාරියකින් ඇයගේ සිහින් බව වැඩි කර පෙන්වනවා. පළල් බෝඩරයක් සහිත සාරියක් සිහින් කාන්තාවකට ගැලපෙනවා.

උදා: වොයිල් සාරි, අත් යන්ත්‍ර මඟින් සැකසූ සාරි

  • ශරීරය ප්‍රමාණයෙන් මහත කාන්තාවකට පිම්බෙන සුළු සාරි ගැලපෙන්නේ නැහැ. එවැනි කාන්තාවක් කඩා හැලෙන සාරි ඇඳීමෙන් ඇඟේ හැඩය ඉස්මතු කර, සිහින් පෙනුමක් ලබා ගන්න පුළුවන්.

උදා: චිෆෝන්, ජෝජට්

  • සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරක් හිමි කාන්තාවකටත් කඩා හැලෙන, සැහැල්ලු සාරි ගැලපෙනවා. එමෙන්ම වොයිල්, රෙයොන් වර්ගයේ සාරිත්, අත් යන්ත්‍ර මඟින් නිපදවූ සාරිත් එවැනි කාන්තාවකට ගැලපෙනවා.

 

  • ලාබාල යුවතියක් පළල් බෝඩර්, පළල් පල්ලු සහ විශාල මෝස්‌තර වැටුණු සාරි ඇඳීමෙන් ඇගේ ශරීරයේ හැඩය මකා දමා, වයසට වඩා වැඩිහිටි පෙනුමක් එක් කරවනවා.

  • තරුණ යුවතියකට අඳුරු පැහැ සාරි ගලපෙන්නේත් නැහැ. අඳුරු පැහැ සාරියක් ඇඳීම නිසා ඇයගේ පෙනුම වැඩිහිටි ස්වභාවයක් ගන්නවා. ඒ නිසා තමාගේ සමේ පැහැයට ගැලපෙන, තමාගේ සමට එළියක් ලබා දෙන වර්ණයකින් යුතු සාරි තෝරා ගන්න.

  • උසින් වැඩි කාන්තාවකට සාරි පොට ප්ලීට් කර අඳිනවාට වඩා, සාරි පොට කඩා අතට ගැනීම සුදුසු වෙනවා. එයට හේතුව වන්නේ ප්ලීට් කළ සාරි පොටෙන් ඇගේ උස වැඩි කර පෙන්වීමයි. පොට තබනවා නම්, එය පළලට තබන්න.

  • සිහින් කාන්තාවකට පොට පළලට නවා ගැනීමෙන් ඇගේ සිහින් බව අඩු කර පෙන්වන්න පුළුවන්.

  • මිටි සහ මහත කාන්තාවක් පොට නැවිය යුත්තේ සිහින්වය. පොට ගැසිය යුත්තේ බෙල්ල ආසන්නයෙන්මය. එමඟින් ඇගේ මහත බව අඩු කර පෙන්විය හැක.

සාරි හැට්ටය

  • ඔබට ගැලපෙන්නට නිවැරදිව සාරිය තෝරා ගන්නවා වගේම, සාරි හැට්ටය මසා ගැනීමේදීත් එය ඔබට ගැලපෙනවාද යන්න ගැන හොඳ අවධානයක් යොමු කරන්නම ඕනේ.

  • සාරි හැට්ටය මසා ගැනීමේදී සිරුරට ගැලපෙන විදිහට මසා ගැනීම වැදගත්. සාරි හැට්ටය ශරීර ප්‍රමාණයට වඩා බුරුල් නම්, උරහිස් වලින් එල්ලා වැටෙනවා නම් හෝ ඉදිරිපසින් උඩට ඇදිලා තිබෙනවා නම් සිරුරේ හැඩය විකෘති කර පෙන්වනවා.

  • තරබාරු කාන්තාවක් අඳිනා සාරි හැට්ටයේ කර තරමක් ගැඹුරට කැපීමෙන් ඇගේ තරබාරු පෙනුම අඩු කර, සිහින් පෙනුමක් ලබා ගන්න පුළුවන්. එමෙන්ම සිහින් කාන්තාවකට ගැලපෙන්නේ සාරි හැට්ටයේ කරේ ගැඹුර අඩු කර කැපීමයි.

  • උරහිස් නැති හෝ උරපටි සහිත සාරි හැට්ට ඇඳීමේදී, පටි රහිත බ්‍රෙසියරයක් ඇඳීම අත්‍යවශ්‍යය. එවැනි සාරි හැට්ට වලට බ්රෙසියර් කප් යොදා සකස් කර ගන්න පුළුවන්.

  • ඉදිරිපසින් ශරීරය ආවරණය වන, පිටුපසින් ශරීරය නිරාවරණය වන සාරි හැට්ට සඳහා බෙල්ලෙන් ගැට ගැසීමට ඇති, ක්‍රොස් බ්‍රෙසියර් සුදුසුය.

SHARE