පැළුණු දෙපතුලක් හිමි වී තිබීම ඇත්තටම හරිම හිසරදයක්. මිනිස්සු ගැවසෙන ස්ථාන වලදී සෙරප්පු ගලවන්න ගොඩක් කාන්තාවන් පසුබට වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. අපේ අපේ මුහුණ ලස්සන කර ගන්න වෙහෙසෙනකොට, අපිට අපේ දෙපතුල ගැන බලන්න අමතක වෙලාම යනවා. ඉතින් අද ඉඳන් දෙපතුල් වල සුන්දරත්වය රැක ගැනීම වෙනුවෙන් නිවසේදීම මේ ප්‍රතිකර්ම කීපය අත්හදා බලමු.


fb-like-beg


01. මවුත් වොෂ් සහ විනාකිරි

අවශ්‍ය ද්‍රව්‍ය –

  • මවුත් වොෂ් කෝප්ප 1ක්
  • සුදු විනාකිරි කෝප්ප 2ක්
  • ජලය කෝප්ප 2ක්

ක්‍රමය –

බේසමකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ඔබේ දෙපා බේසමට බස්සා විනාඩි 15ක් පමණ යන තුරු සිටින්න. මෙවිට ඔබේ දෙපතුල හොඳින් පෙඟී මළ සෛල බුරුල් වෙනවා. ඉන් පසුව අතුල්ලන ගලක් හෝ බ්‍රෂ් එකක් ගෙන යටිපතුල අතුල්ලමින් මළ සෛල ඉවත් කර ගන්න. අවසානයේදී පිරිසිඳු ජලයෙන් සෝදා ගන්න. දෙපයේ ජලය වේලුනු පසු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න. ඔබේ පැළුණු දෙපතුල් සුව වන තුරු මේ ප්‍රතිකර්මය දිනපතා සිදු කරන්න.


02. සහල් පිටි, විනාකිරි සහ මී පැණි

අවශ්‍ය ද්‍රව්‍ය –

  • සහල් පිටි මේස හැඳි 3ක්
  • විනාකිරි බිඳු 3ක් පමණ
  • මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය –

සියල්ල එකට එකතු කර ඝන මිශ්‍රණයක් සකසා ගන්න. ඔබේ දෙපා මිනිත්තු 10ක් පමණ උණු වතුරේ පොඟවා ගන්න. ඉන් අනතුරුව මිශ්‍රණය උපයෝගී කරගෙන දෙපතුල ස්ක්‍රබ් කර ගන්න. මේය සතියට දෙවතාවක් පමණ සිදු කරන්න.

සහල් පිටි වලින් දෙපතුල් වල මළ සෛල හොඳින් ඉවත් වන අතර, මී පැණි ඔබේ දෙපා වල පැලුම් සුව කරයි. විනාකිරි ඔබේ දෙපා වල ඝන බව අඩු කර ස්ක්‍රබ් කිරීමට පහසු කරවයි.


03. සහල් පිටි, විනාකිරි සහ මී පැණි

අවශ්‍ය ද්‍රව්‍ය –

  • හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්

ක්‍රමය –

කෙසෙල් හොඳින් පොඩි කර ක්‍රීම් එකක් සේ සකසා ගන්න. නොඉදුණු කෙසෙල් වල ඇසිඩ් ඇති නිසා සමට සුදුසු නැති වීමට ඉඩ තිබෙනවා. මිනිත්තු 20ක් තිබෙන්නට හැර පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න. මෙය සතියට දෙවතාවක්, නින්දට යෑමට පෙර සිදු කරන්න.
කෙසෙල් ස්වභාවික මොයිස්චරයිස් එකක් වන අතර එහි විටමින් A, B6 සහ C අඩංගු වෙනවා.


04. මී පැණි

ක්‍රමය –

උණු වතුර බේසමකට මී පැණි කෝප්පයක් එකතු කරන්න. මිශ්‍රණය තුලට දෙපා දමාගෙන විනාඩි 20ක් පමණ සිටින්න. ඉන් අනතුරුව ගලක් හෝ බුරුසුවක් ආධාරයෙන් දෙපතුල් අතුල්ලා ගන්න. පිරිසිඳු වතුරෙන් සෝදා ගත දෙපා වේලුනු පසු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.

මෙය ඔබ නින්දට යාමට පෙර දිනපතාම සිදු කරන්න.


05. එළවලු තෙල්

ක්‍රමය –

ඔබේ දෙපතුල් හොඳින් පිරිසිඳු කර ගන්න. මෘදු තුවායකින් පිසදා හොඳින් වේලා ගන්න. අනතුරුව එළවලු තෙල් දෙපතුල් වල හොඳින් ආලේප කරන්න. පිරිසිඳු සහ සුවපහසු මේස් කුට්ටමක් දමාගෙන නින්දට යන්න. මේස් දෙපයේ රාත්‍රිය පුරා තිබෙන්නට දෙන්න. මෙය දිනපතා සිදු කරන්න.


06. බේකින් සෝඩා

ක්‍රමය –

මඳ උණුසුම් ජල බේසමකට බේකින් සෝඩා මේස හැඳි 3ක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඔබේ දෙපා එහි විනාඩි 10ක් පමණ පොඟවා ගන්න. ගලක් ආධාරයෙන් දෙපතුල් ස්ක්‍රබ් කර ගන්න. පිරිසිඳු ජලයෙන් දෙපා සෝදා, තුවායකින් පිසදා ගන්න.

මෙය සතියට දෙවතාවක් පමණ සිදු කරන්න.


07. කෝමාරිකා ජෙල්

ක්‍රමය –

රාත්‍රී නින්දට පෙර ඔබේ දෙපා මඳ උණුසුම් ජලයේ බහා තබා ස්ක්‍රබ් කර ගන්න. ඉන් පසුව ජලය වියලාගෙන දෙපයේ කෝමාරිකා ජෙල් ආලේප කරන්න. කොට්න්, සුව පහසු මේස් යුවලක් පැළඳගෙන නින්දට යන්න. උදෑසන මඳ උණුසුම් ජලය භාවිතා කර සෝදා දමන්න.

මෙය එක දිගට දවස් 4ක්, 5ක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැක.


08. වැස්ලින් සහ දෙහි යුෂ

අවශ්‍ය ද්‍රව්‍ය –

  • වැස්ලින් මේස හැඳි 1ක්
  • දෙහි යුෂ බිඳු 2ක්

ක්‍රමය –

මඳ උණුසුම ඇති ජලයේ දෙපා මඳ වෙලාවක් බහා තබන්න. දෙපා පිසදාගෙන වැස්ලින් සහ දෙහි එක් කොට සාදා ගත මිශ්‍රණය ආලේප කරන්න. වූල් මේස් 2ක් පැළඳ නින්දට යන්න. මෙය පුරුද්දක් ලෙස නින්දට යාමට පෙර සිදු කරන්න.

SHARE