හත් වීම කියන්නේ ගොඩක් යුවතියන්ගේ සිතේ දුක්බර සිතුවිලි ඇති කරවන සිදුවීමක්. ගොඩක් යුවතියන් හිතන්නේ තමාගේ තරබාරු බව විලාසිතා කිරීමට බාධාවක් කියලයි. ඒත් ඒ වැරදි අදහසක්. හැම කාන්තාවකටම තමාටම විශේෂ වූ අද්විතීය සුන්දරත්වයක් හිමි වෙනවා. ඉතින් තරබාරු යුවතියකට වුණත් පුළුවන්, තමන්ගේ සිරුරේ හැඩ පෙන්වීම සඳහා මේ විදිහේ විලාසිතා අත්හදා බලන්න.


fb-like-beg


01. Spanx

ස්පෑන්ක්ස් එකකින් පුළුවන් ඔබේ සිරුර සුන්දරව කැපී පෙනෙන ලෙස හැඩ ගස්වන්න. ඔබත් මෙය උත්සාහ කර බලන්න.


02. High-waisted leggings/jeans/pants

මසින් පිරුණු උදරයක් හිමි වීම ලොකුවට දුක් වෙන්න දෙයක් නෙවෙයි. නමුත් මේ වගේ කලිසමකින් ඔබට පුළුවන් ඔබේ උදරය සඟවා ඉනේ හැඩය මතු කර ගන්න. මේ කලිසමට ගැලපෙන්නට කොට බ්ලවුස් එකකුත් තෝරා ගන්න


03. උඩු ඇඳුම උඩට කර ගැට ගැසීම

ඔබ සතුව ඔබට වඩා විශාල, කොටු හැඩයක් ගන්නා ටීෂර්ට් හෝ බ්ලවුස් තිබේ නම් මෙසේ උඩට කර ගැට ගැසිය හැකියි. එයින් ඔබේ ඉණේ හැඩ කැපී පෙන්විය හැක.


04. සම එකිනෙකට ගැටීමෙන් ඇති වන ආසාදන වැලැක්වීම සඳහා ශෝර්ට්ස් අඳින්න

තරබාරු යුවතියන් මුහුණ දෙන ගැටළුවක් තමයි දෙපා වල සම එකිනෙක ගැටීමෙන් ආසාදන ඇති වීම. මේ ගැටළුව වලක්වාලීම සඳහා හිර ශෝර්ට්ස් අඳින්න ඔබට හැකියි. එය ඔබේ දෙපා වල තරබාරු බව අඩු කර පෙන්වන අතර, දහදිය දැමීම සහ තෙත් වීමෙන් වලකයි. මේ සඳහා සුවපහසු, ඇදෙන සුළු කොට්න් ශෝර්ට්ස් තෝරා ගන්න.


05. උඩු ඇඳුම රැල්ලක් තබා කලිසමට හෝ සායට යට කරන්න

ඉහත රූපයේ පෙනෙන ලෙස බ්ලවුස් හෝ ටීෂර්ට් යට කර ඇඳීමට හුරු වන්න. මේ පුංචි ට්‍රික් එකෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ හැඩය කැපී පෙනෙන ලෙස සිටීමට.


06. බෙල්ට් එකක් පළඳින්න

බෙල්ට් එකකින් ඔබේ ඉන සිහින් කර පෙන්වන අතර, ඔබේ දෙපා වලට දිගු ස්වභාවයක් ගෙන දෙනවා. එය ඔබේ සිරුරේ හැඩ පෙන්වන්නේ හරියට මැජික් එකක් වගෙයි.


07. ඔබේ සිරුරේ හැඩ හංගන්න එපා

මහත බව කියන්නේ සිරුරේ හැඩ සැඟවීමට හේතුවක් නෙවෙයි. ඕනෙවට වඩා ලොකු ඇඳුම් ඇන්දම ඔබව පේන්නේ තවත් මහතටයි. මේ නිසා මේ වගේ සිරුරේ හැඩ මතු වන ඇඳුම් අඳින්න හුරු වන්න.

SHARE