කා
ලයෙන් කාලයට තිබෙන විලාසිතා වර්ග වෙනස් වෙනවා. කාලයකදී ජනප්‍රිය වුනු විලාසිතාවන්, තවත් කාලයකදී ජනප්‍රිය බවින් අඩු වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම විලාසිතාවක් මිනිසුන් අතර ජනප්‍රිය වන්නේ වසර 2ක් වැනි කාලයක් තුළදීයි. තවත් වසර 5ක් පමණ මෙම ජනප්‍රියතාවය පැවතුනත්, ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියතාවය බැස යනවා. ඉතින් මේ කාලයේදී ඔබත් එම විලාසිතාවන්ට සමු දිය යුතුයි. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එවැනි විලාසිතා වර්ග කීපයක් ගැනයි.


fb-like-beg


එකවර මුදු රැසක් පැළඳීම

Image Source – brightside.me

අතීතයේදී නම් මුදු ගොඩක් පැළඳීම ඉතා ජනප්‍රිය විලාසිතාවක් වුනා. එය තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කිරීමේ විලාසිතාවක් වූවා කීවොත් නිවැරදියි. ඒත් වර්තමානයේදී නම් එක් අතක මුදු 3කට වඩා පැළඳීම සුදුසු නැහැ. ඔබට මුදු රැසක් එකවර පැළඳීම අත්‍යවශ්‍ය නම්, මංගල මුදුවට අමතරව මුදු 2ක් පමණක් පළඳින්න. නමුත් වර්තමානයේ නම් ජනප්‍රියම විලාසිතාව වන්නේ කරාබුවේ වර්ණයට ගැලපෙන කුඩා මුදුවක් පැළඳීමයි.


හිර බ්ලවුස් එකට ලේස් කොමුපිලි

Image Source – brightside.me

සිරුරට හිර වන සේ මැසූ ඇඳුම් වලට ලේස් යට ඇඳුම් පැළඳීම සුන්දර බව ඇතැම් කාන්තාවන් සිතනවා. නමුත් යට ඇඳුම් පිටතට නොපෙනෙන සේ ඇඳීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. මේ නිසා ඔබේ සමේ පාටින්ම යට ඇඳුම් තෝරා ගැනීමට උනන්දු වන්න. යට ඇඳුම් සම්බන්ධව පවතින අලුත්ම විලාසිතාව එයයි.


ආභරණ ඇතුළු බාහිර උපාංග නොපැළඳීම  

Image Source – brightside.me

ඉමිටේෂන් ආභරණ, ඔරලෝසු, හිස්වැසුම්, බඳ පටි ආදිය පැළඳීමෙන් ඔබේ රූපය තවත් ඔප නංවා ගත හැකියි. සමහර කාන්තාවන් මේ කිසිවක් පළඳින්නේ නැහැ. නමුත් ඔබේ ඇඳුමේ වර්ණයෙන් හෝ වෙනත් වර්ණයකින් බාහිර උපාංග තෝරා ගැනීම මඟින් ඔබේ පෙනුම වැඩි කර ගත හැකියි. ඔබේ සිරුරේ හැඩයට ගැලපෙන ලෙසත් මේවා තෝරා ගන්න උනන්දු වන්න.


පිජාමා ස්වරූපයේ ඇඳුම්

Image Source – brightside.me

පිජාමා ස්වරූපයේ ඇඳුම් විලාසිතා කාන්තාවන් අතර ජනප්‍රිය වුනේ ඈත අතිතයෙයි. නමුත් වර්තමානය වන විට මෙම විලාසිතාව අප අතරින් ගිලිහි ගිහින් අවසානයි.


දිගු සහ තියුණු නියපොතු

Image Source – brightside.me

දිගු සහ උල් නියපොතු විලාසිතාව අතීත යුවතියන් අතර ජනප්‍රිය වුවත්, වර්තමානයේදී නම් එය ජනප්‍රිය විලාසිතාවක් නොවේ. මේ දින වල වැඩියෙන්ම ජනප්‍රිය නියපොතු විලාසිතාව වන්නේ “ඕවලාකාර හැඩය” සහිත නියපොතු විලාසිතාවන්ය.

 

  

SHARE