සෞ

ඛ්‍ය සම්පන්න සහ රූපලාවන්‍ය ක්‍රමයක් ලෙස දුම් ඇල්ලීම සිදු කරනවා. දුම් ඇල්ලීම විවේකි අවස්තාවක ඉතා පහසුවෙන් සිදු කර ගත හැකිය. දුම් ඇල්ලීම සාමාන්‍ය ක්‍රමයට මෙන්ම දුම් ඇල්ලීම සඳහාම නිපදවා ඇති රූපලාවන්‍ය උපකරණ භාවිතයෙනුත් කල හැකියි. කෙසේ වෙතත් ඉන් අත් වන ප්‍රතිලාභ නම් ඉතා ඉහලයි. ඉතින් අද අපි කතා කරන්නේ දුම් ඇල්ලීමෙන් මුහුණට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවයි.

 


fb-like-beg


 

සම පිරිසිඳු වීම

උණුසුමට නිරාවරණය වූ විට සමේ සිදුරු ඉබේටම විවෘත වෙනවා. සමේ විවෘත වීමත් සමඟ උණුසුම නිසා ඔබට දහදිය දැමීමට පටන් ගන්නවා. එමඟින් සමේ සිදුරු තුල පැවති අපද්‍රව්‍ය ඉවතට සේදී යනවා. සමේ සිදුරු අවහිර කරගෙන තිබෙන දෑ සහ බ්ලැක්හෙඩ්ස් වල තද බව අඩු වී, මෘදු වෙනවා. සම පිරිසිඳු වීමේ ස්වභාවික ක්‍රියාවලිය වැඩි කිරීමට දුම් ඇල්ලීම උපකාරී වෙනවා.

 

සමට තෙත් බවක් හිමි වීම

දුම් ඇල්ලීමෙන් පසුව වෙනදාට වඩා සමට තෙත් ස්වභාවයක් හිමි වෙනවා. සමේ වියලි බව අඩු කර ගන්න සතියකට වතාවක් වත් දුම් ඇල්ලීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් වෙනවා.

 

රුධිර සංසරණය ප්‍රාණවත් වීම

සම උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල පළල් වෙනවා. ඉතින් දුම් ඇල්ලිමේදීත් ඔබේ රුධිර නාල පළල් වෙනවා. එමඟින් ඔබේ සිරුරේ රුධිර සංසරණය වේගවත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනයත් අඩු වෙනවා.

 

සමේ සෛල වල ක්‍රියාකාරිත්වය ඉහල යනවා

රුධිර සංසරණ ක්‍රියාවලිය ප්‍රාණවත් වීමේ ක්‍රියාවලියත් සමඟ සමේ සෛල වල ක්‍රියාකාරිත්වය ඉහල යනවා. සමට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහල යෑම සමේ සෛල වල ක්‍රියාකාරිත්වයට පහසුකම් සපයනවා. සම වෙත ගලා එන රුධිර ප්‍රමාණය ඉහල යාමෙන් සමට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය, පෝෂක ප්‍රමාණය ඉහල යනවා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස සමේ කොලජන් නිපදවීමේ ක්‍රියාවලියත් ඉහල යනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඔබට ශක්තිමත් සමක් ලැබෙන අතර, රැළි වැටීම් අඩු වෙනවා.

 

ඔබ ගල්වන ආලේපන වලින් ලැබෙන ප්‍රතිඵල මට්ටම ඉහල යනවා

ඔබ ආලේපන මුහුණේ ගල්වන්නේ යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනුයි. ඉතින් ඔබේ සමේ සිදුරු තුල ඇති අපද්‍රව්‍ය දුම් ඇල්ලීමේදී ඉවත් වෙන නිසා, ආලේපන වල ඇති ගුණ සම තුලට උරා ගැනීම වඩාත් පහසු කරවනවා. එයින් ඔබේ සමට ආලේපන ගැල්වීමෙන් බලාපොරොත්තු වන සම්පුර්ණ ප්‍රතිඵලයම අත් කර ගන්න පුළුවන්.

 

සම ලිහිල් වීම සහ මනා විවේකයක් අත් වීම

සමට දුම් ඇල්ලීම මඟින් මනා විවේකි සුවයක් අත් වෙනවා. සමේ මාංශ පේශි ඉහිල් වීම මඟින් ඔබට මනා සුවයක් අත් වෙනවා. රාත්‍රී නින්දට පෙර මුහුණට දුම් ඇල්ලීමෙන් සුවදායි නින්දක් ලැබෙන බව පැවසෙනවා. ඔබේ සිරුර හා මනස ලිහිල් කර ගන්න මෙය හොඳ අභ්‍යාසයක්. එමෙන්ම මානසික ආතතිය යම් තාක් දුරකට අඩු කර ගන්නත් පුළුවන්.

 

දිදුළන සමක් හිමි කර ගත හැකි වීම

දුම් ඇල්ලීම මඟින් සම හොඳින් පිරිසිඳු වීමත්, ගල්වන ආලේපන වල ගුණ ඉක්මනින් සමට උරා ගැනීමත්, සම වෙත ලැබෙන රුධිර ප්‍රමාණය ඉහල යාමත් නිසා කෙටි කාලයකින්ම ඔබට දිදුලන සමක් හිමි කර ගත හැකි වෙනවා.  

SHARE