ර්තමානයේදී බොහෝ කාන්තාවන් තම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුලබව දකින්න ලැබෙනවා.අත් රහිත හැට්ට, කොට සායවල් වැනි විලාසිතාවන්ගෙන් සැරසී යාමේදී රෝම පිරුණු දෙපා , කිහිළි ඔබව අවලස්සන කරනවා.මෙසේ රෝම ඉවත් කිරීමට වර්තමානයේදී විවිධ ආලේපන සහ ක්‍රම සහ විදි තිබුණත අදටත් බොහෝ කාන්තාවන් භාවිතා කරන්නේ රෝම ඉවත් කිරීමේ පැරණිම ක්‍රමය වන රේසරයයි.හැබැයි රේසරයෙන් රෝම ඉවත් කරනවා නම් ඔබ ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි.සීරුණු , පළුඳු වුණු හෝ මල බැඳුනු රේසර් කිසි විටෙකත් භාවිතා නොකල යුතුයි.එසේම නිතරම රේසර් මාරු කල යුතුයි සේම අළුත් රේසරයක් වුවද භාවිතා කිරීමට ප්‍රථම විශබීජ නාශක දියර වර්ගයකින් සෝදා ගැනීම අත්‍යවශ්‍යයි.

එසේම පහත ඉඟි කිහිපය ඔබේ දෙපා, කිහිලි මෙන්ම ඉකිලි ප්‍රදේශයන්ගේ රෝම ඉවත කර ගැනීමෙදී ඔබට උපාකාරි වේවි කියා අපි හිතනවා.

fb-like-beg


දෙපා

  • පිරිසිදු ජලයෙන් විනාඩි තුනක් පමණ හොඳින් දෙපා තෙමා ගන්න.රෝම හොඳින් පෙඟුණු පසු ඉවත් කිරීමට පහසු වනවා.ඉන් පසුව රෝම ඉවත් කිරීමට යොදා ගන්නා ඝණ තෙතමනකාරක ආලේපනයක් සම මත තවරන්න.
  • අධික පීඩනයක් නොයොදා දිගු සමාන කැපුම් වාර මඟින් රෝම ඉවත් කරගන්න.දණහිස, වළළුකර, නාලිදණ්ඩ වැනි ප්‍රදේශයන්හි රෝම ඉවත්කිරීමේදී වඩාත සුපරික්ෂාකාරී වන්න.
  • දණහිස වැනි වක්‍රාකාර කොටස් වලදී දෙපා නවා සම ඇද ගැනීම තුලින් ඔබට රැලි ගැටුණු සමේ රෝම ඉවත් කිරීමේ අපහසුව මඟ හරවා ගත හැකි අතර රේසර් තලයට කැපී යාමේ ඉඩද අහුරාලිය හැකියි.
  • රේසර් තලය හැසිරවීමේදී රෝම වර්ධනය වී ඇති දෙසටම කැපීමට වග බලා ගන්න.එසේම හොඳින් කාලය ගෙන සියුම් ස්ථාන වල ඉතා සීරුවට රෝම ඉවත් කර ගත යුතුයි.අනවශ්‍ය කලබලය හේතුවෙන් ඔබේ දෙපා තුවාල විය හැකියි.

කිහිලි

  • පිරිසිදු ජලයෙන් පෙඟවූ රෝම පිරුණු අත්යට රෝම ඉවත් කිරීමට යොදා ගන්නා ඝණ තෙතමනකාරක ආලේපයක් ගල්වන්න
  • අත හොඳින් ඉහලට ඔසවා සම ඇද ගන්න
  • පහළ සිට ඉහළට රෝම ඉවත් කරන්න
  • අනවශ්‍ය ඉදමුම් තත්ව , බිබිලි වැනි අපහසුතා මඟහරවා ගැනීමට නැවත නැවත රේසර් පහරවල් යෙදීම හැකිතාක් අවම කරන්න.එසේම අධික පීඩනයක් යොදා රෝම ඉවත් කිරීමෙන්ද වලකින්න.
  • රෝම ඉවත් කල වහාම බොඩි ස්ප්‍රේ හෝ ඩියෝඩ්‍රන්ට් වර්ග භාවිතා කිරීමෙන් වලකින්න. ඔබ අත් යට රෝම ඉවත් කිරීමට රාත්‍රී කාලය යොදා ගන්නවානම් වඩා සුදුසුයි. එවිට උදෑසන වන විට ඔබේ සමට යථා තවයට පත්වීමට කාලය ලැබෙනවා.

ඉකිලි

  • පිරිසිදු ජලයෙන් හොඳින් පොඟවාගත් ඔබේ ඉකිලි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමට යොදා ගන්නා ඝණ තෙතමනකාරක ආලේපයක් ගල්වන්න.ඉකිලි ප්‍රදේශයේ රෝම ඉවත් කර ගැනීමේදී මෙම සූදානම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැතිනම් ඝණ කැරළි ගැසුනු රෝම ඔබේ කාර්ය අපහසුකරවාවි.
  • ඉකිළි ප්‍රදේශයේ සම ඉතා සියුමැලි නිසා ඉතා සැලකිල්ලෙන් යුතුව රේසරය හසුරුවාගන්න.
  • ඉන්පසු ඉතා ප්‍රවේසමෙන් තිරස් ආකාරයට පිටත සිට ඇතුළු දෙසට රෝම ඉවත් කර ගන්න.

∗ සෑම රෝම ඉවත් කිරිමකටම පසු

ඔබ රෝම ඉවත් කරගත් පසු සමට කෙටි විවේකයක් ලබා දෙන්න.එය දැවිල්ල සහ බිබිලි ඇති වීම වලක්වාවි
එසේම මොයිස්චරයිසර් වර්ගයක් හෝ විශබීජනායක ලෝශන් වර්ගයක් ආලේප කරගන්න.ඔබ ලෝශන් වලට වඩා ක්‍රීම්වර්ගයක් ආලේප කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි.එසේම ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල වර්ග අඩංගු මොයිස්චරය්සරයන් භාවිතයෙන් වලකින්න.
රෝම ඉවත් කර ගත් නැවුම් සම ඉතා ඉක්මනින් ආසාත්මිකතා වලට ගොඳුරු වීමේ ඉඩකඩ වැඩියි.එනිසා රෝම ඉවත් කල වහාම අධික ක්ලෝරීන් පිරි නාන තටාක වලට , එසේම ලුණු වතුරට සම නිරාවරණය කිරීම වගේම ඇල්කොහොල් අඩංගු හිරු එළියෙන් ආරක්ෂාවීමට භාවිත කරන ලෝශන් වර්ග ආදිය ගැල්වීමෙන් වලකින්න පුළුවන් වඩාත් හොඳයි.

SHARE