ඩෙ

ඩෙනිම, ජීන්ස් කියන වචන දෙකම අපි භාවිතා කරනවා. මේ වචන දෙක ගොඩක් පැටලවෙන සුළු වචන දෙකක්. සමහර වෙලාවට අපි හැම වෙලාවේම මේ වචන දෙක භාවිතා කරන්නේ හරි හැටි තේරුම දන්නේ නැතිවයි. ඇත්තටම කියනවා නම් හැම ජීන්ස් එකක්ම ඩෙනිමක් වුනත්, හැම ඩෙනිමක්ම ජීන්ස් එකක් නම් නෙවෙයි. ජීන්ස් නිර්මාණය කරන්නේ ඩෙනිම් රෙද්දෙන්. හැබැයි ඩෙනිම් රෙද්දෙන් නිර්මාණය කරන්නේ ජීන්ස් පමණක් නෙවේ. ඩෙනිම් රෙද්දෙන් සායවල්, කබා, බෑග්, ෂර්ට් ආදිය නිර්මාණය කෙරෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

ජීන්ස්  (Jeans)

ජීන්ස් කියන්නේ ඩෙනිම් වලින් මැසූ කලිසම් වර්ගයකටයි. මේවා කාන්තා සහ පුරුෂ දෙපාර්ශවය අතරම හොඳින් ප්‍රසිද්ධයි. මේවා සවි ශක්තියෙන් ඉහල වන අතර කල්පවතින සුළුයි. මේ ඩෙනිම් වලින් මසන ලද ජීන්ස් වල ආරම්භක වසර වුනේ 1870 වසරයි. මේවා ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ Levi Strauss සහ Jacob W. Davis යන නිර්මාණකරුවන් විසිනි. වර්තමානය වන විට කලු, අළු හා දුඹුරු වැනි විවිධ වර්ණයන්ගෙන් ජීන්ස් ලබා ගත හැකිය. නමුත් නිල් වර්ණය ජීන්ස් වල අනන්‍යතාවය ලෙස තවමත්ආධිපත්‍යය දරයි.

මේ වන විට ජීන්ස් Regular fit, Skinny fit සහ Slim fit යනුවෙන් තුන් වර්ගයක් පවතී.

 

ඩෙනිම් (Denim)

ජීන්ස් සැකසීම සඳහා යොදා ගන්නේ ඩෙනිම්ය. ඩෙනිම් වලින්  බෑග්, සාය සහ ජැකට් වැනි බොහෝ උපාංග නිර්මාණය කරනු ලැබේ. ඩෙනිම් යනු ජීන්ස් නොවන බව ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ අනුව, ජීන්ස් සහ ඩෙනිම්ස් යන වචන දෙක සමාන පද ලෙස භාවිතා කල නොහැකි බව ඔබට දැන් පැහැදිලි ඇති.

ඩෙනිම් නිර්මාණය කරන්නේ කපු සහ නයිලෝන් තන්තු වල මිශ්‍රණයකින්. මීට අමතරව ඩෙනිම් නිර්මාණය කිරීමේදී එකිනෙකට වෙනස් වර්ණයන් දෙකක් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රචලිත වන්නේ නිල් වර්ණය සහ සුදු වර්ණයයි. නමුත් මෙයින් කැපී පෙනෙන්නේ එක් වර්ණයක් පමණයි. ඩෙනිම් රෙද්දේ විශේෂත්වය එයයි.

මේ ඩෙනිම් රෙද්ද ශක්තිමත් සහ කල් පවතින සුළු වන්නේ එහි ඇති රළු ස්වභාවය නිසාමයි. මේ රළු බව ඊට එකතු වෙන්නේ එය වියන විශේෂ ක්‍රමවේදය නිසයි.   

ජීන්ස් ඇතුළු ඩෙනිම් රෙද්දෙන් මැසූ වෙනත් ඇඳුම් රැක ගත යුතු ආකාරය

  • ඩෙනිම් සේදීම නිතර කිරීමෙන් වැළකිය යුතුයි. එයට හේතුව වන්නේ නිතර නිතර සේදීමෙන් ඩෙනිම් වල අලුත් ස්වභාවය අඩු වී යා හැකි නිසයි. මේ නිසා එකවර ඩෙනිම් කීපයක් මිලට ගෙන හුවමාරු කරමින් කිහිප දවසක් ඇඳීම නුවනට හුරු වෙනවා.
  • ඩෙනිම් සේදීමේදී සැර සබන් යෙදීමෙන් ඩෙනිම් වල වර්ණය අඩු වී යා හැකියි. මේ නිසා මෘදු සේදුම්කාරකයක් යොදා ඩෙනිම් සෝදා ගන්න. ඒවා වැඩිපුර වෙලාවක් පෙඟෙන්නට තැබීමද සුදුසු වන්නේ නැහැ.

 

ඩෙනිම් සහ ජීන්ස් අතර ඇති වෙනස

  • බර

ඩෙනිම් වල බර එයින් නිෂ්පාදනය කරන ජීන්ස් වලට සාපේක්ෂව වැඩිය. ජීන්ස් නිෂ්පාදනය කෙරෙන්නේ බර අඩු වන පරිදිය. ජීන්ස් එකේ විලාසිතාව අනුව බර වෙනස් වෙනවා.

  • කල්පැවැත්ම

ඩෙනිම් නිර්මාණය කරන්නේ 100%ක්ම කපු වලිනි. මේ නිසා ඩෙනිම් වල කල්පැවැත්ම දිගු කාලීනය. ජීන්ස් නිෂ්පාදනය කිරීමේදී ස්වභාවික ඩෙනිම් රෙද්දට විවිධ වෙනස් කිරීම් සිදු වෙනවා. මේ නිසා ඩෙනිම් වල කල්පැවැත්ම ජීන්ස් වලට සාපේක්ෂව වැඩිය.

  

SHARE