මුහුණ ලස්සන කර ගන්න අපි නොකරන දෙයක් නැහැ. ඒ නිසා කවුරුත් හිතා මතා මුහුණේ සමට වැරදි කරන්නේ නැහැ. ඒත් නොදැනුවත්කම නිසා අපේ අතින්ම අපේ සමේ සුන්දරත්වයට හානි සිදු කෙරෙනවා. නොහිතා කරන වැරදි වලින් අපේ සමේ සුන්දරත්වය අහිමි වෙලා යනවා. ඉතින් අද goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබේ නොදැනුවත්කම දැනුවත්කමකට හරවන්න අපි තීරණය කළා.


fb-like-beg


1. ඔබ මුහුණ හෝදන්නේ කොහොමද ?

  • මුහුණ සේදීමේදී මුහුණ අතුල්ලන්න යන්න එපා. මුහුණ අනවශ්‍ය ලෙස ඇතිල්ලීමෙන් මුහුණේ සම ඇදීමකට ලක් වෙන්න පුළුවන්. මෙය පුරුද්දක් ලෙස කිරීමේදී මුහුණේ සම එල්ලා වැටෙන්න පුළුවන්. මුහුණ සේදීම මෘදු ලෙස කරන්න.
  • මුහුණේ විවිධ සුවඳ, පාට යෙදූ සබන් ගාන්න එපා. සබන් වෙනුවට ෆේස් වොෂ් භාවිතා කරන්න පුරුදු වෙන්න.
  • මුහුණ සේදීමට උණු වතුර භාවිතා කරන්න එපා. වියළි සමක් සහිත අයගේ සම උණු වතුරට තවත් වියලෙනවා. තෙල් සහිත සමක් ඇති අය උණු වතුර භාවිතා කිරීම නිසා සමේ රෝම කූප විවර වීමෙන් කුරුලෑ වැඩි වෙනවා. ඒ වගේම පුරුද්දක් විදිහට උණු වතුරින් මුහුණ සෝදන අයගේ මුහුණේ සම එල්ලා වැටීමකට ලක් වෙනවා.
  • රාත්‍රී නින්දට කලින් මුහුණ සෝදන්න. අපිරිසිඳු මුහුණක් ඇතිව නින්දට යාමෙන් කුරුලෑ වැඩි වෙනවා.

2. ඔබ මුහුණ පිස දමන්නේ කොහොමද ?

  • මුහුණ පිස දමන්නන ඕනේ ඉතා සෙමින්. හරියට තෙත මාත්තු කරනවා වගේ. තදින් මුහුණ පිස දැම්මම කාලයත් එක්ක සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඇස් යට තදින් ඇතිල්ලුවොත් ඇස් යට සම රැලි වැටිලා, වල ගැහෙනවා.
  • මුහුණේ වතුර සියල්ලම ඉවත් වන සේ මුහුණ පිස දැමිය යුතුයි. මුහුණේ වතුර ඉතුරු වීමෙන් සම වියලෙනවා. ඇස් යට වතුර ඉතුරු වුණොත් ඇස් යට රැලි වැටෙනවා.
  • මුහුණ පිහි දාන්න ඕනේ සිනිඳු කපු රෙද්දකින්. ගොරෝසු තුවා වලින් මුහුණ පිහි දැම්මම මුහුණේ සම ඇදෙනවා.
  • මුහුණ පිස දමන රෙද්ද පිරිසිඳු වෙන්න ඕනේ. අපිරිසිඳු තුවා භාවිතා කිරීමෙන් සමට විෂබීජ ඇතුල් වෙලා කුරුලෑ හා ලප ඇති වෙන්න ඉඩ තියෙනවා.

3. ඔබ සමේ ආලේප කරන ක්‍රීම් වර්ග මොනවාද?

  • ඔබ පාවිච්චි කරන්නේ යාලුවා ගාලා හොඳයි කියලා කියපු ක්‍රීම් එක නම්, ටීවී එකට නළු නිළියෝ ඇවිත් හොඳයි කියලා සහතික කරන ක්‍රීම් එක නම් ඔබ වැරදි. ඔබ ගාන්න ඕනේ ඔබේ සමට ගැලපෙන ක්‍රීම් වර්ගයක්. තෙල් සහිත සමට, වියළි සමට, සාමාන්‍ය සමට ගැලපෙන්නට වෙන වෙනම නිපදවපු ක්‍රීම් වර්ග තියෙනවා. ක්‍රීම් එකක් මිලදී ගද්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබ ගාන්නේ සති දෙකෙන් සුදු වෙනවා කියලා සහතික කරපු ක්‍රීම් එකක්ද? එහෙනම් අදම ඕක විසි කරන්න. සති දෙකෙන් සුදු වෙන්නේ ක්‍රීම් වල රසදිය තියෙන නිසා. සති දෙකකින් ලස්සනට සුදු වෙලා, ටික දවසකින් හිටියටත් වැඩිය ඔබව අවලස්සන කරන්න ඔය ක්‍රීම් ජාති වලට පුළුවන්. ඒ ක්‍රීම් ඔබට ඇඟේ අනිත් තැන් වලට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස සුදුම සුදු, ඒත් කළු තිත්, පැල්ලම් පිරුණු මුහුණක් ලබා දෙනවා.
  • හැකි තරම් ඖෂධීය ක්‍රීම් භාවිතා කරන්න.

4. ඔබේ ආහාර රටාව මොකද්ද ?

  • තෙල් පිරුණු රෝල්ස්, කට්ලට් වලින් ඈත් වෙලා එළවලු, පලතුරු සහ පලා වර්ග බහුලව ආහාරයට ගන්න. ක්ෂණික ආහාර වන මැගී, පිසා ආහාරයට ගන්න එක හැකි තරම් අඩු කරන්න. සමබල ආහාර වේලක් ගන්න.
  • ඉස්සන්, කකුළුවන් වැනි උෂ්ණාධික ආහාර ලබා ගැනීම අඩු කරන්න.
  • දිනකට වතුර ලීටර් 2ක්වත් පානය කරන්න.
  • තේ, කෝපි බීම අඩු කර ඒ වෙනුවට ඉරමුසු, බෙලි මල්, නෙල්ලි, බාර්ලි වැනි බීම බොන්න. එමඟින් සම පැහැපත් වේ.

5. කුරුලෑ ආවම කරන්නේ මොනවාද?

බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ කුරුලෑවක් දැකපු ගමන් කඩලා දාන්නයි. නමුත් ඒකෙන් ඔබේ අත් වල තියෙන විෂබීජ තුවාලය තුලට යන්න පුළුවන්. ඒ වගේම මුහුණේ වලවල් සහ තුවාල කැළැල් ඇති වෙනවා. කුරුලෑ මුහුණ පුරා පැතිරෙනවා.

මීට අමතරව

6. ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම

7. මළ බද්ධය, පණු අමාරුව, මුත්‍රා අඩස්සිය, ඉස්සොරි සඳහා ප්‍රතිකාර ලබා නොගැනීම

8. මේකප්, ෆවුන්ඩේෂන් වැඩි වෙලා මුහුණේ තබාගෙන සිටීම

9. අව්වට යන විට කුඩයක් භාවිතා නොකිරීම

වැනි අතපසුවීම් වලිනුත් ඔබේ සමේ සුන්දරත්වය ඔබට අහිමි වෙනවා.