බේ මංගල දිනය ළඟ ළඟම එනවා නේද? සුභ පැතුම්! මංගල දිනය වෙනුවෙන් හැම දේම ලෑස්ති කරනවා වගේම, ඔබේ හිස කෙස් වෙතත් ඔබ විශේෂ අවධානයක් යොමු කල යුතු වෙනවා. ඔබේ ජිවිතයේ වැදගත්ම දිනය වන විට ඔබට සොඳුරු ලෙස හැඩ වී සිටින්නට ඔබේ කෙස් කළඹත් උපකාරී වෙනවා. ඉතින් ඔබ දැන ගත යුතුම කරුණු 4ක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපේ මේ සූදානම.


fb-like-beg


1 නිවැරදිම කොණ්ඩා විලාසිතාව තෝරා ගන්න

ඔබ ඔබේ කොණ්ඩා විලාසිතාව තෝරා ගත යුත්තේ ඔබේ රූපය තව තවත් ඔප් නැංවෙන ආකාරයටයි. මේ නිසා පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

● ඔබේ මංගල ඇඳුමට ගැලපෙන ලෙස

ඔබේ මංගල ඇඳුමට ගැලපෙන ලෙස කොණ්ඩා විලාසිතාව තෝරා ගැනීමෙන් ඔබේ පෙනුමට පරිපූර්ණ සුන්දරත්වයක් එක් කර ගත හැකියි. ඔබේ මංගල ඇඳුම සරල විලාසිතාවකින් යුක්ත නම්, ඔබට තරමක් විලාසිතාබර කොණ්ඩා මෝස්තරයක් ගැලපෙනවා. ඔබේ මංගල ඇඳුම මෝස්තර අධික ඇඳුමක් නම්, බොහෝ විට ඔබට ගැලපෙන්නේ සරල හිස කෙස් විලාසිතාවකුයි.

● කාලගුණයට ගැලපෙන ලෙස

ඔබේ මංගල දිනයේ ඔබේ විලාසිතාවන් වල සුන්දරත්වය වගේම, පහසුව ගැනත් සිතීම වැදගත්. උණුසුම් අවස්තාවක ඔබ ඔබට දරා ගැනීමට අපහසු කොණ්ඩා විලාසිතාවක් දමා සිටීමෙන් ඔබව දහදිය දැමීම නිසා පීඩාවට පත් වේවි. ශීතල කාළගුණයක/ වායුසමීකරණය කල මංගල ශාලාවක ඔබ විවාහ උත්සවය පවත්වනවා නම්, මේ ගැටලුව ඇති වන්නේ නැහැ.

● ඔබේ හිස කෙස් වල දිග සහ ප්‍රමාණය ගැන අවබෝධ කර ගන්න

ඔබ හිස කෙස් විලාසිතාවන් අනුගමනය කල යුත්තේ ඔබේ කෙස් කළඹේ දිග සහ ප්රමාණය අනුවයි. වෙනත් දවසක දමන හිස කෙස් විලාසිතාවන්ට වඩා ඔබේ මංගල දිනයේ යොදන හිස කෙස් විලාසිතාවට ප්රමුඛතාවය දිය යුතුයි.

2 රූපලාවන්ය ශිල්පියා සමඟ එකඟතාවයකට පැමිණෙන්න

ඔබේ සිතේ ඇති අදහස් හා ආශාවන් ගැන ඔබ රූපලාවන්ය ශිල්පියාට හෙළි කල යුතුයි. විවාහ වන්නේ රූපලාවන්ය ශිල්පියා නොව ඔබයි. මේ නිසා ඔබ ප්රිය කරන හිස කෙස් විලාසිතාවන් ගැන ඔහුව/ ඇයව දැනුවත් කරන්න. ඔබට ගැලපෙනම හිස කෙස් විලාසිතාව තීරණය කර ගැනීම සඳහා ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.

අන්තර්ජාලය හා සඟරා හරහා අලුත්ම මනාලී හිසකෙස් විලාසිතාවන් ගැන අධ්යනය කරන්න. සියලු වගකීම් රූපලාවන්ය ශිල්පියා වෙත පවරා බලා සිටින්න එපා. ඔබේ මංගල දිනය පරිපුර්ණ කර ගැනීමට නම්, ඔබත් මේ ගැන වැඩි අවධානයක් යොමු කල යුතුයි.

එමෙන්ම ඔබ රූපලාවන්ය ශිල්පියෙකු තෝරා ගැනීමේදී ඔහු/ ඇය සමඟ සාකච්ඡා කිරීමේ අවස්තාව ලබා ගන්න. සමහර රූපලාවන්ය ශිල්පින්ට අවශ්ය ඔබ සමඟ සාකච්ඡා නොකරම, තමාට අවශ්ය විළාසිතාව පමණක් කිරීමට වෙන්න පුළුවන්. එවැනි අය සමඟ ගනුදෙනු කිරීම අපහසුයි. හොඳ රූපලාවන්ය ශිල්පියෙකු ඔබේ කැමැත්තට සහ ප්රියතාවයන්ට මුලිකත්වය ලබා දිය යුතුයි.

3 විවාහ දිනයට පෙර හිස කෙස් විලාසිතාව යොදා බලන්න

ඔබ්ක දමනා හිස කෙස් විලාසිතාව ගැන කලින්ම තීරණය කර සිටියත්, එය ඔබේ මුහුණට හොඳින්ම ගැලපෙනවාද යන්න දැන ගැනීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. විවාහ මංගල දිනයේදී විලාසිතාව යෙදු පසු, ඔබට එය ගැලපෙන්නේ නැති බව සිතුනොත් කුමක් කරන්නද? එවිට ඔබට ඔබේ වටිනාම දිනය තුල සිටීමට සිදු වන්නේ සිත් වේදනාවෙන්. මේ නිසා පෙර සුදානමක් ලෙස විලාසිතාව යොදා බැලීම ගොඩක් සුදුසුයි. ඒ වගේම තමයි මේ පෙර සුදානමේදී ඔබට පුළුවන් ඔබේ හිස කෙස් විලාසිතාව ජායාරූප ගත කරන්න. එවිට ඔබට එය ගැලපෙනවාද යන්න ගැන වඩාත් හොඳ තීරණයක් ගත හැකි වේවි.

4 විවාහ දිනය ආසන්න වී හිස කෙස් කපන්න එපා

ඔබ ඔබේ හිස කෙස් වල අග කපා දමනවා නම්, එය විවාහ උත්සවයට මාස කිහිපයකටවත් පෙර සිදු කරන්න. කිසි විටෙක විවාහ උත්සවය ආසන්න වී හිස කෙස් අග කපා දැමීමට උත්සාහ නොකරන්න. ඔබ සහ ඔබේ රූපලාවන්ය ශිල්පියාට අතපසුවීමක් සිදු වී, ඔබේ හිස කෙස් අවශ්ය ප්රමාණයට වඩා කැපී යා හැකියි. එවැනි අවදානමක් විවාහ උත්සවය ආසන්නයේ ගැනීමෙන් වලකින්න.

SHARE