දැන් තරුණකම රැක ගැනීම ගැන ලොකු කතා බහක් ඇති වෙලා. එහෙම වීම ස්වාභාවිකයි. මොකද අද කාලේ අපේ ආයු අපේක්ෂාව වැඩිවෙලා. ඒ එක්කම අපේ ජීවන තත්වය උසස් වෙලා. නමුත් වයසට යාම වේගවත් කරන සංසිද්ධි රාශියක් අපේ ජීවිතේට එකතු වෙලා. අවට පරිසරයේ වායු දූෂණය, ආහාර වල ඇති රසායන ද්‍රව්‍ය සහ මානසික පීඩනය කියන්නේ ජීවිතෙන් ඉවත් කරන්න බැරි තරමේ කොටස් බවට පත් වෙලා. ඉතින් මේ හේතු සාධක එක්ක වයසට යාම විශේෂයෙන් මුහුණේ සම වයසට යාම ඉක්මන් වෙලා තිබෙනවා.


fb-like-beg


තරුණ පෙනුම රැක ගන්න අදම සිතන්න.

බොහෝ කාන්තාවෝ මුහුණේ සම නැවත ස්ථාපනය කරන ප්ලාස්ටික් සැත්කම් වලට යොමු වෙනවා. නැත්නම් විවධ එන්නත් කිරීම් ආදිය අත්හදා බලනවා. මේ ක්‍රම වියදම් අධිකයි. ඒ වගේම සෞඛ්‍යමය බලපෑම් සහ අතුරු ප්‍රතිපල වැඩියි. මුහුණේ සම හානියට ලක් වුනාම මේ ගැන හිතන්නේ නැතුව අද සිටම මේ ගැන හිතලා ක්‍රියා කරොත් 40 ගණන් වලදී එන්නත් සහ ශල්‍යකර්ම වලට ලක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබේ මුහුණ වඩාත් දීප්තිමත්ව, පැහැපත්ව තබා ගන්නා අතරේ වයසට යාම පාලනය කරන නවීනතම ක්‍රමයක් ගැන ඔබට කියා දෙන්න Goodhousekeeping.lk අපි තීරණය කළා. Sheet Mask ශීට් මාස්ක් ලෙස හඳුන්වන මෙය පහසුයි ඒ වගේම ලාභ දායකයි.

කලින් ලිපියකින් අපි දැනුමත් කළා Sheet Mask එක කොයි විදිහටද ක්‍රියා කරන්නේ කියල. එය ක්‍රීම් වර්ග වගේ නොවේ සීරම් එකේ තිබෙන පෝෂණ ද්‍රව්‍ය සියල්ලම සමේ ගැඹුරටම කා වැදිලා සම ඇතුළතින්ම පෝෂණය කරනවා. ශීට් එක මුහුණේ ඇලවිලා තත්පර කීපයක් ඇතුලත ඔබේ සම මතුපිට උෂ්ණත්වය ඉහල දමනවා. ඒ සමගම ඇරුන රෝම කූප අතරින් සීරම් එකේ ඇති විටමින් සහ අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය ඔබේ සම තුලට කා වැදිලා සම හොඳින් පෝෂණය කරනවා.


SWA තරුණකම රකින අතරේ ඔබේ සම දීප්තිමත් සහ පැහැපත් කරවනවා

SWA කියන්නේ අපේ රටේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් නිවසින් ඔබ අතට එන ලංකාවේ පළවෙනිම ශීට් ෆේස් මාස්ක් එක. එය විශේෂයෙන්ම කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් (Curcumin) සංඝටකයෙන් පොහොසත්. කර්කියුමින් කියන්නේ සමේ ලස්සන සහ තරුණබව රැක දෙන ඖශධයක්. උතුරු ඉන්දියාවේ ළඳුන්ගේ පවතින තරුණ පෙනුම සහ ඡවි කල්‍යාණය ගැන අධ්‍යනය කරපු විද්‍යාඥයෝ සොයා ගත්තා එයට හේතුව ඔවුන් දිනපතා භාවිතා කරන කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් සංඝටකය එයට හේතු වෙනවා කියල. ඉතින් ඒ ඉපැරණි රහස නවීන තාක්ෂණය එක්ක මුසු කරලා තමා ඔබේ අතට SWA ශීට් ෆේස් මාස්ක් එක එන්නේ. කර්කියුමින් වලට අමතරව සමේ තෙතමනය රකින, සම අලුත්වැඩියා කරන, සම සුමුදු කරවන සහ සමේ ඇති මෙලනින් පාලනය කරන සංඝටක වලින් SWA වල සීරම් එක පොහොසත් වෙනවා.

Bio Cellulose වලින් නිපදවා ඇති ශීට් එක ශ්‍රී ලංකික අපේ මුහුණට ඉතාම හොඳින් ගැලපෙන්න නිපදවා තිබෙනවා. මුහුණේ ඇලවුන සැනින් ඔබේ සමේ රෝම කූප විවෘත වෙලා කර්කියුමින් සාරය සහ අනෙකුත් විටමින් සියල්ලම ඔබේ මුහුණේ සමේ ගැඹුරටම කා වදිනවා. ඉතින් සම්පූර්ණ පෝෂණය විනාඩි 15 කින් ඔබේ සමට ලැබෙනවා.


වයසට යාමේ සලකුණු 8 ඔබත් දුටුවාද?

ඔබේ සම වයසට යාමේ පිළිවෙලක් තිබෙනවා. කල් ගෙවුන පසු මතුපිටට පෙනුනට මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ 20 ගණන් වලදී මයි. ඔබ කල් ගත කරලා සම වයසට ගිය පසු කණගාටු වීමට සහ හානිකර ප්‍රතිකර්ම වලට යොමු වෙනවට වඩා හොඳයි දැන් දැන්ම අනාගතයේ සම වයසට යාම වෙනුවෙන් පියවර ගැනීම.

♦ 20 ගණන් වලදී –

සමේ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants නිෂ්පාදනය නවතිනවා. මේ කාලයේදී ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ සම වියලීම, Pigmentation එහෙම නැත්නම් මෙලනින් ලප මතු වෙන්න පටන් ගැනීම සහ මුහුණේ සම තැනින් තැනට වර්ණය වෙනස් වීම කියන ලක්ෂණ තුන විතරයි.

♦ 30 ගණන් වලදී –

ඔබ පිටින් ආලේප කරන නිෂ්පාදන සමට උරා ගැනීමේ කාර්යක්ෂමතාවය පහළ බහිනවා. ඉහත කියපු ලක්ෂණ තුනට අමතරව සම මලානික වීම සහ කළු ලප (Black Heads) සහ සුදු ලප (White Heads) ඔබේ සමේ මතු වෙනවා.

♦ 40 ගණන් වලදී –

කැපී පෙනෙන මලානික බවක් සමේ හට ගන්නවා. වයසට යාමේ මුල් ලක්ෂණ එලියට පේන්න පටන් ගන්නවා. අඳුරු ලප සහ සමේ සංවේදීතාවය පැහැදිලිව අත්විඳින්න පුළුවන්. අපි විසි ගණන් වලදී සහ තිස් ගණන් වලදී අත්දැකීම් ලද ලක්ෂණ 5 එක්ක ඇස් යට තඩිස්සි වීම ( Eye Bags) සහ සම අක්‍රමවත් ස්වභාවයක් ( Irregular texture) ගැනීම හතලිස් ගණන් වලදී දකින්න පුළුවන්.

♦ 50 ගණන් වලදී –

සමේ සෛල බෙදීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා. Cellular senescence යනුවෙන් මෙම ක්‍රියාවලිය හැඳින්වෙනවා. ඉහත අදියර තුනේම ලක්ෂණ එක්ක සමේ ඇදීමේ සවභාවය නැත්නම් elasticity එක ඇන හිටිනවා.


සම අලුත්වැඩියාව / පවත්වාගෙන යාම / ආරක්ෂා කිරීම

වයසට යාමේ ලක්ෂණ 8 ඇතිවීම පාලනය කිරීමට නම් ඔබත් විසි ගණන් වල සිටම සම අලුත්වැඩියා කිරීම, තරුණ සම පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම යන කාරනා වෙනුවෙන් සමට උපකාර කළ යුතුයි. නිසි ආහාර ලබා ගෙන සම පෝෂණය කිරීම, ව්‍යායාම වල නිතිපතා යෙදීම යන කාරනා වලට අමතරව සම තුලට කා වැදිලා ගැඹුරින් පෝෂණය කරවන IV තාක්ෂණයෙන් පොහොසත් SWA ශීට් ෆේස් මාස්ක් එක වගේ නිෂ්පාදන භාවිතයට ගැනීම ඉතාම සුදුසුයි.


ශීට් මාස්ක් එක ඔබේ ජීවන රටාවට අනුකූල වෙන්නේ කොහොමද?

එය භාවිතය ඉතා පහසුයි. කස්තුරි කහ වල ප්‍රධාන සංඝටකය වන කර්කියුමින් සහ අනෙකුත් සමේ තෙතමනය රකින, සම අලුත්වැඩියා කරන සංඝටක , සම සුමුදු කරවන සහ සමේ ඇති මෙලනින් පාලනය කරන සංඝටක සියල්ලම සීරම් එක තුළ අඩංගු වෙනවා. ශීට් එ මගින් ඒ සියලුම යහ ගුණය ඔබේ සම ගැඹුරට ගමන් කරලා සම පෝෂණය කරනවා. කර්කියුමින් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants සමේ වයසට යාමේ ක්‍රියාවලිය එක්ක සටන් කරලා සම හැමදාම තරුණ බවින් බබලවනවා වගේම පැහැපත් සුමුදු සමක් සැමදා ඔබට උරුම කර දෙනවා.

පසු කලෙකදී තැවෙනවාට වඩා හොඳයි දැන්ම මේ සත්කාරය ඔබේ ජීවිතයට එක් කර ගැනීම. කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන්න විනාඩි 15 ක් වගේ කෙටි කලකින් එය කළ හැකියි . ඒ වගේම අවම සතියට දෙවරක් යෙදීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගන්න ඔබට හැකියි.

• ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුනාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.