කස්තුරි කහ වල ඇති කර්කියුමින් ( curcumin) වලින් ලැබෙන විස්මිත වාසි

ස්තුරි කහ යනු ඉන්දියාවේ හටගත් ඉඟුරු පවුලට අයත් Curcuma Longa නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගසක්. මේ ශාකය රූපලාවන්‍ය කටයුතු වලදී බහුලව යොදා ගන්නේ එහි අඩංගු Curcumin කියන විස්මිත සංඝටකය නිසාමයි. ආහාරයට එකතු කරන කුළු බඩුවක් ලෙසින්ද මෙය භාවිතා කරන්නේ මෙහි ඇති විස්මිත ගුණ නිසයි. ශරීරයේ වයසට යාම පාලනය කිරීම සහ පිළිකා වැනි රෝග වලට එරෙහිව සටන් වැදීම කර්කියුමින් වල විශේෂ ලක්ෂණයක්.

මේ සේරටම වඩා අපි අද Goodhousekeeping.lk මගින් කතා කරන්නට හිතුවේ කර්කියුමින් ඔබේ සමට ලබා දෙන ප්‍රතිලාභ ගැනයි. තෙල් සහිත සම යථා තත්වයට ගේන්න, අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට, වයසට යාම සැලකිය යුතු ලෙස පාලනය කිරීම ඒ වගේම ඉර අවුවෙන් සමට වෙන හානිය අවම කරන්නට හැකි එකම ස්වභාවික මූලද්‍රව්‍යය තමයි කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් කියන්නේ.

fb-like-beg


1) කස්තුරි කහ වල කතාව.

කස්තුරි කහ කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ වසර 4,000 කට වඩා ඈතට දිව යන්නක්. කුස්සියේ ව්‍යංජන රස කරන්නට, බෙහෙතක් ලෙසින් සහ වර්ණකයක් ලෙසින් ඉන්දියානුවෝ කස්තුරි කහ භාවිතා කළා. විවාහ, උපත් වැනි වැදගත් කාරනා වලදී පිරිසිඳු කාරකයක් වගේම ලස්සන ඇති කරන ඖෂධයක් ලෙස කස්තුරි කහ ඔවුන් යොදා ගත්තා.

සංස්කෘත භාෂාවේ කස්තුරි කහ වලට නම් 50 ක් පමණ තිබෙනවා. සේද මාවත දිගේ කස්තුරි කහ ඔවුන් ලෝකයටම අපනයනය කළ බව පැවසෙනවා. විවිධ ආකාරයේ කහ ශාක තිබුනත් ඉන්දියාවේ හැදෙන කස්තුරි කහ Curcuma Longa කියන නමෙන් හඳුන්වනවා.

වර්තමානයේ පර්යේෂණ වල දියුණු වීමත් සමග ලොව පුරා කස්තුරි කහ සහ එහි අඩංගු කර්කියුමින් වල ඇති විස්මිත ගුණ ගැන තහවුරු වීමත් සමගම ලොව පුරාම රූමතියෝ තමන්ගේ රුව රැකීමට කස්තුරි කහ වලින් කළ නිෂ්පාදන යොදා ගන්න පෙළඹුනා.


2) ශරීරයට කර්කියුමින් වලින් ලැබෙන වාසි.

ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය සහ අභ්‍යන්තර රුධිර ගමනාගනමය වඩාත් කාර්යක්ෂම කරවනවා. කර්කියුමින් නොකඩවා ආහාරයට ගැනීමේදී රුධිර කැටි ගැසීම් පාලනය වීම, සන්ධිවල වේදනාව සමනය වීම, දෙවන කාණ්ඩයේ දියවැඩියාව හටගැනීම ප්‍රමාද කිරීම, මතකය වැඩි කිරීම සහ මහලු වීමට එරෙහිව ක්‍රියා කිරීම වැනි බොහෝ ගුණාංග ශරීරයට ලැබෙන බව තහවුරු වී තිබෙනවා.


3) කස්තුරි කහ මගින් සමට ලැබෙන වාසි.

• සමේ තෙල් ගතිය පාලනය කරනවා

කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් ස්වභාවිකව සමේ තෙල් ගතිය පාලනය කරනවා. එහි අඩංගු මේද අම්ල මගින් සමේ තෙතමනය රකින නිසා එම ක්‍රියාවලිය සිදු වෙන බව පැවසෙනවා. ඔබත් අධික තෙල් සහිත සම නිසා හට ගන්නා කුරුලෑ වැනි ආසාධන නිසා කරදරෙන් ඉන්නවා නම් ඔබේ ගෙදර හදන Face Mask වලට කස්තුරි කහ එකතු කරලා බලන්න. ඔබ කස්තුරි කහ කුඩු දමා හදනවා නම් කොහොඹ, සුදු හඳුන්, යෝගට් වැනි අනික් දේවලුත් එකතු කරන්න වග බලා ගන්න. මොකද නැත්නම් ඔබේ සමේ දැඩි කහ පැහැ වර්ණයක් ඇති වේවි.

• ඔබේ සම වයසට යාම පාලනය කරනවා

කස්තුරි කහ වල ඇති ප්‍රතිඔක්සිකාරක එහෙම නැත්නම් antioxidants ඔබේ සම වයස් ගත් වීම නිසා හට ගන්නා රැලි, අඳුරු ලප ඇති වීම අවම කරනවා. සමේ සෛල අලුත් වීමේ ක්‍රියාවලිය තරුණ කාලේ වගේම වේගෙන් සිදු කරනවා. එම නිසා හැමදාම තරුණ සමක් තබා ගන්න නම් කස්තුරි කහ හෝ මෙය අඩංගු නිෂ්පාදන ඔබේ සම වෙනුවෙනුත් යොදා ගන්න අමතක කරන්න එපා.

• සමේ පවතින ලප කැළැල් ඉවත් කර සමේ වර්ණය පැහැපත් සහ දීප්තිමත් කරනවා

හිරු එලිය නිසා ඔබේ සමේ හට ගන්නා අඳුරු බව සහ අනෙකුත් නරක ප්‍රතිපල සියල්ලම මකා දැමීමට පුරාණයේ සිටම ඉන්දියානු රූමතියන් කස්තුරි කහ භාවිතා කළා. සමේ වර්ණය වැඩි කිරීමටත් සම දීප්තිමත් කිරීමටත් කස්තුරි කහ වල ඇති කර්කියුමින් සමත් වෙනවා. ඉන්දියානු යෞවනියන් දිනපතාම සිය මුහුණ කස්තුරි කහ වතුරෙන් හෝදනවා. ඔවුන්ගේ සමේ ඇති පැහැපත් බවට සහ දීප්තිමත් බවට හේතුව එය බව සඳහන්.

• සංවේදී සමට ඉතාම හිතකරයි

සමහර දෙනෙක්ගේ සම සංවේදියි. ඒ නිසා ඔබට රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීම අමාරු ඇති. නමුත් කස්තුරි කහ කියන්නේ ඕනෙම වර්ගයේ සමකට ගැලපෙන ස්වභාවික අමුද්‍රව්‍යයක්. ඒ මගින් අසාත්මිකතා සංවේදී සමට වත් ඇති වෙන්නේ නැහැ. සංවේදී සම පෝෂණය කිරීමටත් කස්තුරි කහ ඉතාම සුදුසුයි.

• සමේ තෙතමනය රැක දෙනවා

කස්තුරි කහ වල ඇති කර්කියුමින් සම ඇතුලට කා වැදිලා සම පෝෂණය කරන්නේ සමේ තෙතමනයත් රකින අතරේමයි. සම වියලි වෙද්දී ඉක්මනින් රැලි වැටෙන්න සහ මලානික පෙනුමක් ගන්න බලනවා. ඒ නිසා සමේ සජීවී බව නැති වෙලා යනවා. වියලි සම නොයෙක් ආබාධ වලට ලක් වෙන්නත් බොහෝ ඉඩ තිබෙනවා. කස්තුරි කහ වල ඇති කර්කියුමින් අතීතයේ සිටම සමේ තෙතමනය රැක ගැනීමට ඉන්දියානු රූමතියන් විසින් භාවිතා කළ බව සදහන් වෙනවා.


ඔබත් කස්තුරි කහ සහ ඒ මගින් නිෂ්පාදනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ඔබේ ජීවිතයට ලන් කර ගන්නවා කියන්නේ නියත වශයෙන්ම සුන්දර සමක් ඇති රූමතියක් බවට ඔබත් ඉක්මනින්ම පත් වෙනවා කියන එකයි. ඒ විතරක්ද ? වයස ගෙවෙද්දීත් ඉතාම සුන්දර සමක සහ තරුණ පෙනුමැති මුහුණක හිමිකාරියක් වෙන්නත් ඕනේ නම් ඉතින් කස්තුරි කහ අඩංගු නිෂ්පාදන ඔබේ රූපලාවන්‍ය සත්කාර අතරට අදම එක් කරන්න අමතක කරන්න එපා.

SHARE