පි සුවඳ විලවුන් ගල්වන්නේ සුවිශේෂී අරමුණක් නැතිවයි. බොහෝ දෙනෙක් සිතන්නේ සුවඳ විලවුන් ගැල්වීමෙන් අප සිරුර සුවඳවත් වන බව පමණයි. නමුත් සුවඳ විලවුන් ගැල්වීමේ ප්‍රයෝජන ඉන් එහා පුළුල් සීමාවකට දිව යනවා. එය මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය හරහා විස්තර කර තිබෙන ආකාරය ඔබ වෙත ඉදිරිපත් කරන්න අද අපි සුදානම්.

 


fb-like-beg


1 සුවඳ සහ මතකය අතර සුවිශේෂී සම්බන්ධයක් පවතිනවා 

ඔබට කුඩා කාලයේදී ඔබේ මිත්තණිය විසින් සකසා දෙන ලද ආහාර වල සුවඳ තවමත් මතක ඇති. ඔබ ජනාකීර්ණ නගරයක් මැද සිටියදී යම් අවන්හලකින් ඔබට එම ආහාරයක සුවඳ දැනුනොත් ඔබට වහා මතකයට නැඟෙන්නේ ඔබේ මිත්තනියව, ඔබේ ළමා අවධිය, ඔබ ළමා අවධිය ගෙවූ අතීත පරිසරය යන කරුණුයි. ඔබට මෙවැනි සිදුවීම් ඕනෑ තරම් මතකයට නැඟෙනවා ඇති. 

ඉතින් ඔබටම ආවේනික සුවඳක් ඔබ සතු කර ගැනීමෙන් ඔබව පහසුවෙන්ම මිනිසුන්ගේ මතකයට ඇතුල් කරවන්න පුළුවන් වේවි. කොහේදී ඒ සුවඳ දැනුනත් වහා ඔබව ඔවුන්ගේ මතකයට නංවන්න ඔබ ගල්වනා සුවඳ විලවුන් වර්ගයට සුවිශේෂී හැකියාවක් ඇති බව අමතක කරන්න එපා.

2 ඔබේ මනස සංසුන් කරවීමට 

ඇතැම් සුවඳ වර්ග වලට ඔබේ මනසට සංසුන් බවක් ලබා දීමේ සුවිශේෂී හැකියාවක් පවතිනවා. එදිනෙදා වැඩ රාජකාරි වලින් හෙම්බත් වෙලා, මනසට අවිවේකි බවක් දැනෙන එක අඩු කර ගන්න හොඳ ක්‍රමයක් තමයි සුවඳ විලවුන් ගැල්වීම. ඔබේ සිරුරෙන් ඔබ වෙත නිතරම සුගන්ධයක් නික්මෙද්දී ඔබේ මනස සැහැල්ලු වෙනවා. 

උදා: Lavender, Sandalwood (සුදු හඳුන්), Jasmine (සමන් පිච්ච), Lily, Orange Blossom (දොඩම් මල්), Rose (රෝස මල්), Rosemary, Basil, Fennel යොදා සකසන ලද සුවඳ විලවුන් 

3 පෞද්ගලිකත්වයක් ගොඩ නංවා ගැනීමට 

සුවඳ කියන්නේ පෞද්ගලිකත්වයක් ගොඩ නංවා ගන්න උදව් වෙන හොඳ ක්‍රමයක්. ඔබට ආවේනික සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගැනීමෙන් ඔබට පෞද්ගලිකත්වයක් ගොඩ නංවා ගන්න පුළුවන්. ඇතැම් පුද්ගලයන් මේ සඳහා සුවඳ විලවුන් වර්ග කීපයක් නිසි අනුපාත වලින් මුසු කොට තමන්ටම ආවේනික වූ සුවඳක් සකසා ගන්නා අවස්ථාත් පවතිනවා. ඇත්තෙන්ම මේ ක්‍රමය නිසා ඔබේ ආත්ම විශ්වාසය සහ ආත්ම සම්මානය වර්ධනය වෙනවා. සුවිශේෂී ආවේනික සුවඳ ඔබේ ආත්ම විශ්වාසයට සෘජුවම බලපෑම් එල්ල කරනවා.

4 විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට 

ආකර්ශනීය චරිතයක් වෙන්න අකමැති කෙනෙක් නැහැ. සුවඳ විලවුන් වලට ඔබව ආකර්ශනීය චරිතයක් බවට පත් කරන්න හැකියාවක් තිබෙන බව ඔබ දැනගෙන හිටියේ නැතුව ඇති. ක්ලියෝපැට්රා රැජින තම රාජ්‍යය යටත් කර ගැනීමට පැමිණි අණ දෙන නිලධාරින් කිහිප දෙනෙකුවම තම වසඟයට ගෙන පරාජයට පත් කරනු ලැබුවේ සුවඳ භාවිතා කර බව පැවසෙනවා. ඇතැම් සුවඳ වර්ග වලට ලිංගික ආශාව ඇති කිරීමේ හැකියාවක් පවතිනවා. එය, එම සුවඳ දැනීමෙන් මිනිස් හෝමෝන අවදි වීම මඟින් සිදු වන්නක්. 

උදා: වැනිලා, සමන් පිච්ච, පැඟිරි, රෝස සහ ලිලී සුවඳ මුසු කල සුවඳ විලවුන්  

5 ආත්ම විශ්වාසය වර්ධනය වීම 

අලුත් ඇඳුමක් පැළඳ ඇති විට වගේම, ඔබේ පෞරුෂයට ගැලපෙන සුවඳ විලවුන් වර්ගයක් ආලේප කරන විට ඉබේටම ඔබේ ආත්ම විශ්වාසය ඉහල යනවා. 

6 සෞඛ්‍යය ඉහල යාම 

ඔබ ප්‍රිය කරන සුවඳ විලවුන් වර්ගයක සුවඳ නිතරම ඔබේ ගතෙන් විහිදුවන විට එය ඔබේ මනසට හිතකර ලෙසින් බලපානවා. එවිට ඔබේ මානසික පීඩනය පහල බසිනවා. මානසික ආතතිය අඩු වීම ඔබේ බොහෝ රෝග වලින් මිදෙන්නට ඔබට සහාය වෙනවා. ඔබට රාත්‍රියේදී නින්ද යන්නේ අඩුවෙන් නම් ඔබ අවට පරිසරයට, ඔබේ ඇඳුමේ කොනකට ඖෂධීය තෙල් වර්ගයකින් සැකසු සුවඳ විලවුන් ස්වල්පයක් ඉස නින්දට යන්න. එය ඔබ වෙත නින්ද ගෙන ඒවි. ඒ වගේම ඖෂධීය ද්‍රව්‍ය යොදා සකස් කරන සුවඳ විලවුන් වලට ඒවා භාවිතා කරන්නාගේ හිසේ රුදාවන් සමනය කරන්නටත් සුවිශේෂී හැකියාවක් තිබෙනවා.   

SHARE