හැඩ වැඩ වෙලා ලස්සනට ඉන්න තමයි හැම ගැහැණු ළමයෙක්ම උත්සාහ කරන්නේ. ඒත් වර්තමානයේ පවතින කාර්යබහුල ජිවන රටාවත් එක්ක රූපය ගැන ලොකු අවධානයක් යොමු කරන්න සමහර යුවතියන්ට කාලය මදි වෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ට පුංචි පුංචි රූපලාවන්‍ය උපක්‍රම ගැන දැනුවත් වෙන්න ලැබීම නම් මහඟු අවස්තාවක්. රූප සෞන්දර්යය ගැන උනන්දු වෙන, හැම තිස්සෙම ලස්සනට ඉන්න උත්සාහ කරන යුවතියන්ට ගොඩක් වැදගත් වෙන රූපලාවන්‍ය උපක්‍රම කීපයක් තමයි අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ.
.


fb-like-beg


1 ටූත් පේස්ට් වලින් බ්ලැක් හෙඩ්ස් නසන හැටි

ඔබේ නාසය බ්ලැක් හෙඩ්ස් නිසා කැත වෙලා නම් ඔබට කල හැකි පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි ටුත් බ්‍රෂ් එකකට ටුත් පේස්ට් ස්වල්පයක් අරගෙන නාසය මැද ගැනීම. එයින් නාසය මත තිබෙන බ්ලැක් හෙඩ්ස් ඉක්මනින්ම ඉවත් කර ගන්න පුළුවන්. මැදීමෙන් අනතුරුව ඔබේ නාසයේ සම බොහොම මෘදු වෙලා, සිනිඳුව තිබෙන බව ඔබටම දැනේවි.

2 වියලුනු දෙතොලට පුංචි සම්බාහනයක්

දෙතොල් වියලි බවට පත් වීම කියන්නෙත් යුවතියකගේ සොඳුරු බවට හානි කරන තත්වයක්. මේ වගේ වෙලාවක සිහින් කෙඳි තියෙන පුංචි බ්‍රෂ් එකක් අරන් එහි ලිප් බාම් ස්වල්පයක් තවරා ගන්න. ඉන් අනතුරුව බ්‍රෂ් එක ආධාරයෙන් දෙතොල සෙමින් අතුල්ලමින් සම්බාහනය කරන්න. දෙතොල සෝදා ගත් පසු එයට නැවුම්, මෘදු පෙනුමක් ලැබී ඇති බව ඔබටම දැනේවි.

3 ඇහි බැම හරියටම ගලවා ගන්නේ මෙහෙමයි

ඇහි බැම ගලවද්දී එහා මෙහා වුනොත්, පමණට වඩා රෝම ගැලවුනොත් යන ගැටලුව ඕනෙම කෙනෙක්ට ඇති වෙනවා. හිතේ මිම්මට ඇහි බැම ගලවන්න ගියාම මේ වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්. මේ නිසා මුලින්ම සුදු පැහැති පැන්සලක් අරන් ඔබ අපේක්ෂා කරන ඇහි බැමේ හැඩය ඇඳ ගන්න. ඒ රේඛාවට පිටින් තියෙන රෝම විතරක් ගලවා දැමීමෙන් ඔබට ඇහි බැමට නියමිත හැඩය ලබා දෙන්න පුළුවන්.

4 පිට යන්නේ නැතුව අයි ෂැඩො ගල්වන ආකාරය

අයි ෂැඩො ගල්වන විටදී ඒවා මුහුණේ සම මත තවරුනොත් ඔබේ මුහුණේ පෙනුම අසුන්දර වෙනවා. අනිත් එක මේ අයි ෂැඩො ගල්වන අවස්ථාවේදී පහලට ඇද වැටෙන්න තියෙන ඉඩත් වැඩියි. මේ නිසා අයි ෂැඩො ගල්වන්න කලින් පුංචි ටේප් කැබැල්ලක් අරන් ඔබේ ඇහැ යටින් අලව ගන්න. අයි ෂැඩො ගැල්වීමෙන් අනතුරුව එම ටේප් පටිය ගලවා දමන්න.

5 වැලමිට ලස්සන කර ගන්න ක්‍රමයක්

සමහරුන්ගේ වැලමිට අඳුරු පැහැයක් ගන්නවා. තවත් සමහරුන්ගේ වැලමිට සාමාන්‍ය සමට වඩා ගොරෝසුයි. ඉතින් වැලමිටේ සම සාමාන්‍ය සම වගේ සුන්දර කර ගන්න මේ සත්කාරක ක්‍රමය ඔබට උපකාරී වෙයි. හාල් පිටි ස්වල්පයක්, යෝගට් ස්වල්පයක් සහ කහ කූඩු ස්වල්පයක් ගෙන ඒකට මිශ්‍ර කර ගන්න. ඔබේ වැලමිටි වල එම මිශ්‍රණය ගල්වා, මෘදුව සම්බාහනය කරන්න.

6 තොල් ආලේපන නිසා දෙතොල වියලීම වළක්වාලීමට

සමහර තොල් ආලේපන ගල්වලා ටික වෙලාවක් යද්දී දෙතොල් වියලෙන්න පටන් ගන්නවා. ඉන් අනතරුව ඔබ තොල් ආලේපන ඉවත් කල පසුවත්, දෙතොලේ වියලි ගතියක් දිස් වෙනවා. මේ ස්වභාවය ඇති නොවීමට නම්, ඔබ කල යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි තොල් ආලේපන ගැලවීමට පෙර ගැල්විය යුතු බාම් ස්වල්පයක් ආලේප කිරීම.  

7 සමේ රෝම විනාඩි 4ක් ඇතුලත ඉවත් කර ගැනීමට ක්‍රමයක්  

සමේ රෝම ඉවත් කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති ඇතැම් ද්‍රව්‍ය භාවිතා කරන්න සමහර යුවතියන් පොඩි බයක් දක්වනවා. ඔවුන්ට පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න. ටූත් පේස්ට් ස්වල්පයකට තක්කාලි යුෂ එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසුව එම මිශ්‍රණය රෝම සහිත සමේ ආලේප කරලා විනාඩි 3- 4 අතර කාලයක් ඉන්න. ඉන් අනතුරුව ටිෂූ කැබැල්ලක් අරන් වියලී ගිය මිශ්‍රණය අතුල්ලමින් ඉවත් කර ගන්න. එවිට ඉබේටම රෝම ඉවත් වී යන ආකාරය ඔබට දැක ගන්න පුළුවන් වේවි.  

SHARE