මේ අඹ වාරයයි. ගස් වල අඹ ගෙඩි බිමට බර වෙලා. කඩවල් වලත් අඹ අඩු මිලට විකුණන්න ඕනෑ තරම් තිබෙනවා. අඹ අමුවෙන් හෝ විවිධ කෑම වර්ග හදලා අපි රස කර කර කන කාලය තමයි මේ. ඇත්තටම අපි ගොඩ දෙනෙක් දන්නේ අඹ වල රස ගැන විතරයි. එත් අපි කිව්වොත් අඹ වලින් හිස කෙස් වලට සත්කාර කරන්න පුළුවන් කියලා, ඔබ විශ්වාස කරනවාද? අඹ කියන්නේ විටමින්, පෝෂක සහ ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු පළතුරක්. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය මඟින් ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


01) කෙස් කලඹට සහ හිස් කබලට පෝෂණය ලබා දීම

හොඳින් ඉදුණු අඹ ගෙඩියක පොතු ඇර කැබලි වලට කපා ගන්න. එම කැබලි බ්ලෙන්ඩරයකට දමා, හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. මේ ද්‍රවණය හිස කෙස් සහ හිස් කබලේ හොඳින් ගල්වා පැය භාගයකට පමණ පසු ස්නානය කරන්න. අඹ වල ඇති ප්‍රතිඔක්සිකාරක හා විටමින් වල බලපෑමෙන් හිස කෙස් හා හිස් කබල හොඳින් පෝෂණය වෙනවා. හිස කෙස් ශක්තිමත් වෙනවා.


02) හිස කෙස් වල වර්ධනය වේගවත් කිරීම

අඹ ආලේපනයෙන් හිස කෙස් ශක්තිමත් කර, හිසේ රෝම කූප නිරෝගී කරවනවා. මේ සඳහා, මී පැණි තේ හැන්දක් මිශ්‍ර කල අඹ ද්‍රාවනයකින් හෙයාර් මාස්ක් එකක් යොදා ගන්න. එක දිගට මාසයක් පමණ මෙම සත්කාරය සිදු කල විට හිස කෙස් වල වැවෙන වේගය වැඩි වෙනු ඔබට දැනෙනු ඇත.


03) ඉස්සොරි සුව කිරීම

ඉස්සොරි කියන්නේ හරිම අසහනකාරී රෝගයක්. මේ රෝගය සඳහාත් සහනයක් අඹ මඟින් ලබා ගන්න පුළුවන්. දෙහි යුෂ මිශ්‍රිත අඹ ද්‍රාවණයක් සකසා ගන්න. හිස් කබලේ හොඳින් ආලේප කර විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා ගන්න. සතියට දෙවතාවක් මෙම සත්කාරය සිදු කිරීම සෑහේ.


04) හිස කෙස් අකලට පැසීම වලක්වාලීම

ඉදුණු අඹ වල බහුල වශයෙන් පවතින විටමින් C සහ විටමින් A හිස කෙස් වල පැසීම වළක්වාලීමට හොඳ ඖෂධයක් වෙනවා. රසායනික ද්‍රව්‍ය අඩංගු වර්ණක ගල්වනවාට වඩා, මෙය ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක්. සතිපතා ඉදුණු අඹ ගෙඩියක යුෂ රැගෙන හිස කෙස් වල ගල්වා, විනාඩි 30කට පසු ස්නානය කරන්න.


05) හිස කෙස් වලට දීප්තියක් ලබා දීම

හිස කෙස් වල ඇති උදාසීන පෙනුම නැති කර, දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සඳහාත් ඉදුණු අඹ යුෂ භාවිතා කරන්න පුළුවන්. අඹ වල ඇති විටමින් සහ පෝෂක කොටස් හිස කෙස් බැබලවීමට උපකාරී වනු ඇත. හිස කෙස් මුල සිට අගටම ඉන් පෝෂණය ලැබී කෙස් වලට ස්වභාවික දීප්තියක් අත් වෙනු ඇත.


06) හානි වූ හිස කෙස් වලට පිළියම් කිරීම

හිරු එලියට නිරාවරණය වීම, පරිසර දූෂණය සහ උෂ්ණාධික උපකරණ භාවිතය වැනි සාධක නිසා ඔබේ හිස කෙස් හානි වී තිබෙන්නට පුළුවන්. හානි වූ හිස කෙස් නැවත යථා තත්වයට පත් කර ගැනීම සඳහා ඉදුණු අඹ යුෂ සහ යෝගට් එකට මිශ්‍ර කර සාදන ලද මාස්ක් එකක් හිසට යොදන්න.


07) හිස කෙස් සිහින් වීම වලක්වාලීම

සමහර කෙස් කළඹවල් දුර්වල පෙනුමක් සහිතයි. ඉතා තුනියි. මේ පෙනුම නැති කර කෙස් කලඹට ප්‍රාණවත් සහ පිරුණු ස්වභාවයක් ලබා දීමට ඉදුණු අඹ මඟින් කරන සත්කාරයකට හැකියාවක් තියෙනවා. අඹ යුෂ හිස් කබලේ සහ කෙස් කළඹේ ගල්වා විනාඩි 30කට පසු සෝදා හරින්න.


08) පැලුණු හිස කෙස් වලට පිළියම් කිරීම

හිස කෙස් අග පැලී ඇති විටත් අඹ යුෂ ගැලවීම මඟින් එයට සහනයක් ලබා ගැනීමට පුළුවන්. මුලින්ම හිස කෙස් පැලී ඇති ස්ථානයට අඟලක් ඉහලින් කපා දමන්න. ඉන් පසු පුරුද්දක් වශයෙන් මසකට වතාවක් ඉදුණු අඹ යුෂ හොඳින් හිස කෙස් වල ගල්වන්න.


09) බොකුටු හිස කෙස් වලට සත්කාර කිරීම

බොකුටු හිස කෙස් අවුල් වන සුලුයි. එය හැසිරවීම බොහෝ අපහසුයි. මෙම අපහසුතා මඟ හරවා ගැනීම සඳහාත් ඔබට අඹ සත්කාරයක් යොදන්න පුළුවන්. සති කීපයකින් ඔබේ හිස කෙස් වලට තෙත් බවක් ලැබී, නිතර අවුල් වන ස්වභාවය මඟ හැරෙනු ඇත.


10) හිස කෙස් බිඳීම වලක්වාලීම

හිස කෙස් කැඩී යාම වලක්වාලීම සඳහාත් ඉදුණු අඹ වලින් සත්කාර කළ හැකියි. අඹ යුෂ වලින් හිසට මාස්ක් එකක් දමා සතිපතා සත්කාර කිරීම මඟින් ඔබට ඔබේ හිස කෙස් ආරක්ෂා කර ගන්න පුළුවන්.

SHARE