ඔබ ගැන ඔබ අතෘප්තිමත්ද ?

ගොඩක් දෙනෙක් පීඩා විඳීන දෙයක් තමයි, තමන් ගැන තියන සෑහීමකට පත් නොවීම එහෙමත් නැත්නම් ඔබ තුළ තියන අතෘප්තිමත් බව. හැම වෙලාවෙම ඔබ, ඔබට දොස් පවරගන්න පුළුවන්, ඇයි ඔබ ඔබට දොස් පවර ගන්නේ ? ඇයි ඔබ ඔබට කිසිදු වටිනාකමක් ලබා නොදෙන්නේ ? මේ ගැන ඔබ සිතුවාද… අද අපි කතා කරන්න යන්නේ මේ ගැන තමයි. ඔබ ඔබ ගැනම පවත්නා කළකිරීමට අපිත් එක්ක එකතු වෙලා විසදුම් සොයාගන්න. ඒ වගේම තවත් කෙනෙක්ට මේ ගැන අවබෝදයක් ලබාගන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

fb-like-beg


01. අනෙක් අයත් සමඟ සංසන්දනය කිරීම.

ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි තමාව අනෙක් පුද්ගලයන් සමඟ සංසන්දනය කිරීම. ඊට පස්සේ ඉතිං තමාටම දොස් නගාගන්න එක තමයි කරන්නේ. ඔබ අනෙක් මිනිසුන් දෙස ඊරිසියවෙන් එහෙමත් නැත්නම් තාර්කිකව බලන්න ගියාම ඔබට ඔබ ළඟ නොමැති අඩු පාඩුත් පෙනෙන්න ගනිවි. ඔබ ඔවුන් දෙස බලද්දි අමතක කරන්න එපා ඔවුනුත් ඔබ වගේම තවත් එක මිනිසුන් කොට්ටාසයක් කියලා. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඕනි, කිසිදු පුද්ගලයෙක් සම්පුර්ණ නෑ කියන එක. ඔබ ළඟ වගේම ඔවුන් ළඟත් නිරන්තරයෙන් අඩු පාඩු පවතිනවා.


02. ඔබගේ මනස ඔබව රවටයි.

මනස කියන්නේ කිසිම සීමාවක් නැතිව ඔහේ හිතන කෙනෙක්. ඔබ නිහඩව ඉන්න හැමවෙලාවෙම ඔබට සිතෙන්න පුළුවන් ඔබ සාර්ථක අයෙක් නෙවේ කියලා. ඔබ හොඳ කෙනෙක් නෙවේ කියලා. කවදාවත් කිසිම සීමාවක්, නැවතුමක් නැතිව හිතන ඔබගේ සිත ගැන ඔබ විස්ස්වාස කරන්න නම් එපා. හැමදේම හුදු සිතුවිලි විතරයි.


03. ඔබගේ මනස ඔබව රවටයි.

ඔබ තුළ තිබෙන හොඳ, එහෙමත් නැත්නම් ඔබ තුල තිබෙන නරක ගැන පමණක් සිතමින් ඔබ වද වෙනවද ? අපි සෑම දෙනෙකු තුළම හොඳ වගේම නරක ගති ගුණත් තියනවා සම්පුර්ණ නරක මිනිසුවත් සම්පුර්ණ හොඳ මිනිස්සුවත් මේ අපි ජිවත්වන සමාජයේ නැ. ඔබත් ඔබ තුල ඇති නරක වගේම ඔබ තුල දක්නට ඇති යහපත් ගති ගුණ හඳුනාගන්න.


04. ඔබට අනෙකාගේ අවධානය අවශ්‍යයි.

ඔබ තරහකින්, ලජ්ජාවෙන්, දුකකින්, මානසික තැව්ලෙන් සිටින විට ඔබට අනෙක් අයගේ අවධානය වඩාත් අවශ්‍ය වේවි. මෙම අවධානය ඔබ සිතන විදිහට නොලැබුණාම ඔබ නිරන්තරයෙන් ඔබ ගැනම අවතක්සේරුවෙන් සිතන්න පුළුවන්. නමුත් මෙම ජිවන රටාව තුළ සියලු දෙනාම හැම මොහොතකම කාර්ය බහුලයි. ටික වෙලාවකට ඔබගේ සමීපතයන්ගේ අවධානය ඔබගෙන් ගිලිහුණා කියලා ඔබ කිසිම වෙලාවක ඔබට දොස් පවර ගන්න එපා.


05. ඔබ ගැන ටිකක් හිතන්න.

අපි ගොඩක් දෙනෙක් කරන්නේ සමාජයේ ජිවත් වන අනෙක් අය පසු පස දිවීම පමණයි. සමහර වෙලාවට අනෙක් අයට වගේ ඒ දේවල් නතු කර ගන්න බැරි වුනාම, ඔබ ඔබ ගැනම කලකිරෙනවා. නමුත් ඔබ මදක් නතර වී ඔබගේ ජිවිතයේ ඔබ විසින් අත් කරගෙන තියන දේවල් ගැන මදකට සිතන්න. ඔබ කොතරම් දුරක් ජීවිතයේ සාර්ථකව ගමන කරලා තියනවද ඒ වගේම තව කොතරන් දුරක් ඔබට යන්න තියනවද කියල හිතන්න. ඔබට ඔබ ගැන අනිවාර්යෙන් තෘප්තියක් ඇති වනු නියතයි.


06. ඔබට ආදරය කරන්න.

ඔබ නිරන්තරයෙන් ඔබ ගැන කලකිරීමක් එහෙමත් නැත්නම් පසු තැවීමක් පෙන්නුම් කරනවා නම් එයින් මිදෙන්න හොඳම විසදුම තමයි ඔබ ඔබ ගැනම ආදරයක් ඇති කරගැනීම. සමාජයේ අනෙක් පුද්ගලයන්ගේ හිතේ ඔබ ගන ආදරයක් ඇති කිරීමට පෙර ඔබ ඔබට ආදරය කල යුතුයි. ඔබට ඔබ ගැන ගෞරවයක් තිබීම ඉතාමත් වැදගත්. කිසිම් වෙලාවක ඔබ කිසිවෙකුට වැඩක් නැති පුද්ගලයෙකු බව එදසේත් නැත්නම්, ඔබ අනෙක් අය තරම් හොඳ කෙනෙක් නෙවේ යනුවෙන් ඔබට දොස් පවර ගන්න නම් එපා.

SHARE