සාර්ථක නායිකාවකගේ ලක්ෂණ 9 ක්

Goodhousekeeping.lk වෙබ් අඩවිය කියවන කාන්තා ඔබ නිරන්තරයෙන්ම ධනාත්මකව සිතන ඔබේ වෘත්තීය තුල ඉහළටම යන්න කැමති බව අපි දන්නවා. අද වන විට ලෝකය පුරා කාන්තාවන් පිරිමින් සමඟ හරි හරියට සාර්ථකත්වය හඹා යනවා. ඒ ගමනේදී අපි අද කතා බහ කරන්න යන මාතෘකාව ඔබට බොහොමත් වැදගත් වෙයි. අද අපි කතා කරන්න හිතුවේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් සතුව පවතින නායකත්ව ලක්ෂණ 9ක් ගැනයි.

ඔබ හිතන විදියට කාන්තාවකගේ සාර්තකත්වයට හේතුවන කරුණු මොනවාද? අද වන විට ලෝකය පුරා කාන්තාවන් ආයතන වල උසස් නිලයන් වලට පත්වීම උසස් අධ්‍යාපනය ලැබීම වගේ කරුණු වලින් ඉදිරියට ඇවිත් තියනවා වුනත් තවත් සැහෙන්න දුර ගමනක් අපිට යන්නට තියනවා.

සිය සාර්ථකත්වය ලඟා කරගන්න නම් කාන්තාවක් සතුවිය යුතු නායකත්ව ලක්ෂණ 9ක් තමයි මේ තියෙන්නේ. කියවල බලන්න ඔබ සතුව මෙයින් ලක්ෂණ කියක් පවතිනවද කියල.

fb-like-beg


01. ඔබ ඔබව හඳුනාගන්න.

තමන්ට ගැලපෙන තමන් දක්ෂ වෘත්තීය තෝරාගැනීම තමයි සාර්ථකත්වයේ පලවෙනිම පියවර. ඔබ කරන රැකියාව ඔබව තෘප්තියට පත් කරන්නේ නැත්නම් ඔබට සාර්ථකත්වයට ලඟා වෙන්නට අමාරුයි. ඔබේ හඳහන ඔබට සාර්ථකත්වයට මග හෙළිකරන්නේ නෑ. හොඳ මාර්ගෝපදේශකයෙක් හොයාගන්න. හොඳ වගේම නරකත් සම සිතින් භාරගන්න පුරුදු වෙන්න.


02. රැකියාව විතරක් නෙවෙයි පුද්ගලික ජීවිතෙත් වැදගත් කියන මතය දරන්න.

සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් සැමවිටම සිය වෘත්තියටම මුලිකත්වය දිය යුතුයි කියල නියමයක් නෑ. ඔබට පුළුවන් මවක් වෙන්න, දරුවන් උස මහත් කරන්න. ඒ දේවලුත් ජිවිතයට වැදගත්.


03. උදව් ගන්න.

උදව් ගැනීම කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඔබට අවශ්‍ය උපකාර ලබා ගන්න එක වැරද්දක් නෙවෙයි. ඔබේ නිවාස ඔබේ දරුවා, නිවස පුර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව බලාගැනීමට උදව් උපකාර ගන්න. ඔබට විශ්වාසදායි කෙනෙක් ඔබේ සිතේ සැනසීම ඇතිකරන්නට සමත් වේවි. එවිට ඔබට කිසිඳු භයකින් තොරව ඔබේ සම්පුර්ණ අවධානය ඔබේ වෘත්තියට යොදන්න පුළුවන්.


04. වෘත්තීය පරිසරය

අපි අහල තියනවා සාර්ථක වෘත්තීය තත්ත්වයකට පදනම් වෙන්නේ නිවැරදි ගැලපීම් කියල. ඒ කියන්නේ ඔබට නිදහසේ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න. හැමදේකටම වඩා ඔබේ උවමනාවට හරියටන් ඔබේ වටිනාකම් වලට ගැලපෙන ආයතනයක් තෝරාගන්න.


05. ප්‍රශංසා ලබන්න පසුබට වෙන්න එපා.

අපි කතා කරන්නේ ඔබේ වෘත්තීය ගැන මිසක් ඔබේ පාසල් ජිවිතය ගැන නම් නෙවෙයි. පර්යේෂණයන් දක්වන්නේ කාන්තාවන් ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා ඔවුන්ව පිළිගැනීමට ලක්වන තුරු බලා සිටිනවා ඇරුණුකොට පිළිගැනීමට ලක්වීම සඳහාම කටයුතු නොකරන බවයි. සිය වෘත්තීය තුල සාර්ථක කාන්තාවක් හැම අතින්ම සිය සාර්ථකත්වය තහවුරු කරගන්න සහ ඒ සඳහා කාර්ය සාධනය සඳහා අවස්ථා උත්පාදනය කරගන්න උත්සහ ගත යුතුයි.


06. ජාලගත සම්බන්ධතා ගොඩ නගා ගන්න

හොඳ ජාලගත සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමත් සාර්ථක කාන්තාවකගේ නායකත්ව ලක්ෂණයක්. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී මේ ජාලගත සන්නිවේදනය සෑහෙන්න වාසිදායකයි. ජාලගත වීම කියන්නේ එකම ක්ෂේත්‍රයක හෝ පොදු සමානකමක් සහිත සහචරයන්ගේ එකතුවක්. එවිට ඔබට ඇති වෙන ගැටළු සම්බන්ධව වෘත්තියම විසඳුම් ලබාගන්නට පුළුවන්.


07. කේවල් කරන්න ඉගෙන ගන්න.

පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ කාන්තාවන් ගනුදෙනු වල කේවල් කිරීමේදී පිරිමින්ට වඩා දුර්වල බවයි. මෙයට හේතුව ස්ත්‍රී පුරුෂ විෂමතාවය, පක්ෂග්‍රාහී බව ආදී දේවල්. පර්යේෂණ දක්වන්නේ මාසික වෙතනය වැඩි කිරීමේදී පවා ඒ සම්බන්ධව කාන්තාවන් කේවල් කරන්නේ 7%ක් පමණක් බවත් එසේ කරන පිරිමින් ගණන 57%ක් බවත්ය.


08. ඉදිරි සැලසුම් කරන්න එපා.

සාර්ථක වූ විධායකයින් කිසිදු විටක කවදාවත්ම වෙනස් කල නොහැකි තීරණ ගන්නේ නැත. තවමත් නොපැමිණි තත්ත්වයන් සඳහා දැන් ඉදන්ම සැලසුම් කිරීම තරමක් අසාර්ථක විය හැකිය. තීරණ සෑමවිටම වෙනස් කල හැකි නම්‍යශීලි සහ මධ්‍යස්ත ඒවා විය යුතුය. ඔබේ වෘත්තීය ජිවිතය තුල නම්යශීලී අපේක්ෂාවන් තිබිය යුතු අතර, ඔබේ ජීවිතයේ දශක ගණනාවකට පෙර සිතියම් සකස් කිරීමට උත්සාහ නොකරන්න.


09. MBA එකක් කරන්න.

බොහෝ සාර්ථක කාන්තා ව්‍යවසායකයන්ගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය ලෙස MBA එක හැඳින්විය හැකිය. එයට හේතුව එමඟින් ඔබ මෙතෙක් ආ ගමන් මග වෙනස් කරමින් ඔබව නව මගකට යොමු කරනවා. ඔබට අළුත් සම්බන්ධතා ජාලයක් , ආත්ම විශ්වාසයක් ඇතිකරවනවා.

SHARE