ඔබේ බිරිඳ අවලස්සන බව හඟවන ඔබ අතින් සිදුවන වැරදි 06ක්

හැම සැමියෙකුටම තමන්ගේ බිරිඳ තරම් ලස්සන කාන්තාවක් තවත් නැහැ. එහෙත් ඔබ නොසිතා සිදු කරන සුළු සුළු දේවල් වලින් ඇතැම්විට ඇයට තමන් අවලස්සන බව දැනෙන්න පුළුවන්.

ඒ වගේ පිරිමින් අතින් සිදුවන වැරදි 06 ක් ගැනයි මේ කියන්න යන්නේ. ඔබ අතිනුත් මෙවැනි දේවල් සිදුවනවා නම් ඔබේ බිරිඳ ඒ ගැන කනගාටුවෙන් පසු වෙනවා වෙන්න පුළුවන්.


fb-like-beg


01) ඇය ලස්සන බව නොපැවසීම

තමන් ලස්සන බව සිය සැමියාගේ මුවින් ඇසීම තරම් දෙයක් කාන්තාවකට තවත් නැති තරම්. විවාහයට පෙර ඔබ දෙදෙනා පෙම්වතුන්ව සිටියදී ඇය ලස්සන බව ඔබ ඇයට නිතර පැවසුවා නේද? එහෙත් විවාහ වූ පසු මෙය ටිකක් මගහැරී යනවා. එය හොඳ දෙයක් නම් නෙවෙයි. ඇය අලුත් ඇඳුමක් ඇන්ද විට, ඇය සමග එලියට යන අවස්තාවක, ඇය හා ආදරෙන් ඉන්න විටෙක ඇය කෙතරම් ලස්සන දැයි අයට පවසන්න. එයින් ඇය ඉතාමත් සතුටට පත් වේවි. එසේ නොවන විට ඔබට ඇය අවලස්සනට පෙනෙන බව සිතීමට ඇය පෙළඹෙයි.


02) ඔබේ බිරිඳට වඩා වෙනත් කාන්තාවන්ව වර්ණනා කිරීම

ඔබ ඔබේ බිරිඳව වර්ණනා කරනවාට වඩා වැඩියෙන් වෙනත් කාන්තාවන්ව වර්ණනා කරන විට එය ඇයව දුකට පත් කරයි. ඇය දන්නවා ඇයට වඩා ලස්සන කාන්තාවන් ඉන්නා බව. එහෙත් ඔබ ඇයට වඩා ඔවුන්ව වර්ණනා කරන විට ඇයට දරා ගත නොහැක. එනිසා ඇය සමග අන් කාන්තාවන් වර්ණනා කිරීම සුදුසු නැහැ.


03) නිතර අසභ්‍ය චිත්‍රපට නැරඹීම

තමන්ගේ සැමියා අසභ්‍ය චිත්‍රපට නරඹනවා දැකීමට කිසිදු කාන්තාවක් කැමති නැහැ. එය ඇයට විශාල වේදනාවක් ගෙන දෙන්නක්. පර්යේෂණ වලට අනුව වැඩි වශයෙන් අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදු වූ සැමියන් සහිත පවුල් වල අඹු සැමි සම්බන්ධතා බොහෝ ගැටලු සහිත බව සොයා ගෙන ඇත. එය ඔබේ බිරිඳ කනගාටුවට පත් කිරීමට විතරක් නොව ඔබේ පවුල් ජීවිතයම විනාශ කිරීමට හේතුවේ. එනිසා මේවන් දෙයට ඔබේ විවාහ ජීවිතයේ ඉඩ තබා ගැනීමෙන් වළකින්න


04) ඇයට ආදරය නොපෙන්වීම

ඇයව සිප ගැනීම, ඇයට ආදරය කිරීම ඇගේ සතුටට හේතු වන්නක්. ඔබ මෙවැනි දේවල් සිදු නොකළ විට ඔබ ඇය කෙරෙහි උනන්දුවක් නොදක්වන බව ඇයට දැනේ. ඇයව ඔබ සමීපයට ගෙන ඇය හා සංවාදයේ යෙදෙමින් ඔබ ඇයට ආදරය බව ඇයට පෙන්වන්න. ආදරයෙන් ඇයව සිප ගන්න. එයින් ඇය බොහෝ සතුටට පත් වේවි.


05) වෙනත් කාන්තාවන් දෙස දෙවරක් බැලීම

ඕනෑම පිරිමියෙක් ලස්සන කාන්තාවක් දුටු විට ඇය දෙස දෙවරක් බලනවා. එය සාමාන්‍ය දෙයක්. එත් ඔබේ ආදරණීය බිරිඳ සමග සිටියදී ඔබ මෙසේ කිරීම නම් කොහෙත්ම සුදුසු නැහැ. එයින් ඔබේ බිරිඳ අධික වේදනාවට පත් වේ. ඔබට ඇය පිළිබඳ උනන්දුවක් නැති බැවින් ඔබ අනෙක් කාන්තාවන් දෙස බලන බවත් ඇයට ඔබ ආදරය නොකරන බවත් ඇයට සිතේ. එනිසා මීට පස්සේ නම් ඔබේ බිරිඳ සමග ඉන්න විට අනෙක් කාන්තාවන් දෙස බැලීමෙන් වළකින්න.


06) ඔබේ බිරිඳ කතා කරන විට අවධානය නොදීම

මෙය ඔබේ බිරිඳට පමණක් නෙවෙයි සෑම පුද්ගලයකුටම අදාළ දෙයක්. එහෙත් ඔබේ බිරිඳට මෙය විශේෂයි. ඇය ඔබ සමග කතා කරන විට ඔබ අනිවාර්යයෙන්ම එයට අවධානය යොමු කළ යුතුය. එසේ නොමැතිව ඔබ ඔබේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා නම් ඉන් ඇය කනස්සල්ලට පත් වේ. ඇය කෙරෙහි ඔබ අවධානය යොමු නොකරන බව ඇයට සිතේ. එනිසා ඔබේ බිරිඳ කතා කරන විට හොඳින් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම ඇය පවසන දෙයට ඔබේ අදහස් ද එකතු කරන්න. එයින් ඔබ අයට අවධානය යොමු කරන බව ඇයට වැටහේ. එය ඇයව බොහෝ සතුටට පත් කරන්නකි.


මේ වැරදි ඔබ අතින් සිදු වනවා නම් ඔබේ බිරිඳ ඔබ පිලිබඳ කනස්සල්ලෙන් පසුවනවා විය හැකියි. එනිසා මින් පස්සේ මේ දේවල් සිදු කිරීමෙන් වලකින්න. එවිට ඔබ දෙදෙනාගේම ආදරය තවත් වැඩි වේවි.

SHARE