ඔහු ආදරේ ප්‍රකාශ කරන ක්‍රම 10ක්

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඔබගේ සැමියා ඔබට ආදරෙයිද කියන එක. මොකද කවදාවත් ඔහු ආදරෙයි කියලා කියන්නෙම නැනේ. අපි හිතුවා අද ඔබගේ ස්වාමි පුර්ශයා ඔබට නොකියන ආදරය හොයාගන්නේ කොහොමද කියල කියා දෙන්න. මෙන්න මේ කරුණු 10 ඔහු තියනවනම් ඇත්තටම ඔහු ඔබට ආදරෙයි

fb-like-beg


1. ඔහු ඔබගේ වැරදි ගණන් ගන්නේ නෑ

විවාහ ජීවිතයේදී ඔබ අතින් වෙන පුංචි පුංචි වැරදි ඔහු ගණන් ගන්නේ නැත්නම් ඔබ ඇත්ටම වාසනාවන්තයි. විවාහ ජීවිතයකදී අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ දෙදෙනාව හොඳින් තෙරුම් ගැනීමයි. ඉතින් මේ තේරුම් ගැනීම නිසාම ඔහු ඔබෙන් සිදුවෙන පුංචි වැරදි මඟ හරීවි.


2. වැරදි පිළිගන්නවද?

යම් කිසි අතපසු වීමක්, වැරද්දක් සිදුවුනාම ඔහු තමා අතින් සිදු වෙන වැරැද්ද පිළිගන්න තරම් නම්‍යශීලි නම් ඔබට ලැබිලා ඉන්නේ හොඳ ස්වාමි පුරුෂයෙක්. කවදාවත් ඇත්තටම ඔබට ආදරය කරන පුද්ගලයෙක් නම් ඔහු අතින් සිදුවන වැරදිවලට කවදාවත් ඔබට බනින්නේ නෑ. මේ ඔහු තුල ඔබ වෙනුවෙන් තිබෙන ආදරය තේරුම් ගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්


3. ඔබගේ අදහස් වලට ගරු කරනවද ?

විවාහය කියන්නෙම ටීම් වර්ක් එකක්. ඔහුට වැදගත් තීරණ ගද්දි ඔබගෙන් ඒ පිළිබඳව අසනවානම්, ඔබ පවසන අදහස් වලට ඔහු ගරු කරනවානම්, ඔබ දෙපළ අතර තියෙන්නේ අපූරු බැදීමක්.


4. ඔහු ඔබ සමග ප්‍රශ්න කතා කරනවාද ?

ඔහුට යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට, ඔබ සමග ඒ සම්බන්දයෙන් කතාකර අදහස් බෙදා ගන්නවා ද ? ඒ කියන්නේ ඔහුගේ ජිවිතේ වැදගත් ස්ථානයක් ඔබට හිමියි කියන එක.


5. ඔහු ඔබව අගය කරනවාද ?

ඔහු වෙනුවෙන් ඔබ කරන්නේ පුංචි දෙයක් වුනත් ඒ සෑමදේම, ඔහු වචනවලින් එහෙමත් නැත්නම් ක්‍රියාවෙන් අගය කරනවානම් මෙය ආදරය ප්‍රකාශ කරන තවත් එක විදිහක්.


6. ඔහු ඔබ සමඟ කාලය ගත කරනවද ?

ඔබ ඔහුගේ ජිවිතයට සැබවින්ම වැදගත් පුද්ගලයෙක් නම් ඔහු අනිවාර්යෙන්ම කොතරම් වැඩ තිබුනත් ඔබ සමග කාලය ගත කිරීමට උනන්දුවක් දක්වාවි.


7. ඔහු ඔබව වර්ණනා කරනවද?

ඔබ අලුත් ඇදුමක් ඇන්දම, ඔබ අලුත් විලාසිතාවක් කලාම, ඔහු ඔබව වර්ණනා කරනවද? ඒ කියන්නේ ඔබ සතුටින් ඉන්නවා දකින්න ඔහු වඩාත් කැමතියි කියන එක. මෙයත් ආදරය ප්‍රකාශ කරන තවත් එක විදිහක්.


8. ගෙදර අයට ආදරෙයිද?

ඔහු ඔබට විතරක් නෙවේ, ඔබගේ අම්මට තාත්තට ඒ වගේම ගෙදර අනෙක් සාමාජිකයන්ටත් ඔබට වගේම ආදරය කරනවානම්, ඔබට වගේම ගරු කරනවානම්, සැබවින්ම ඔහු ඔබ ගැන සිතනවා.


9. ඔහු අවංකද ?

ඔබගේ සම්බන්දතාව තුල කිසිදු රහසක් තිබෙන්න බෑ. ඒ කියන්නේ ඔහු කිසිම දෙයක් නොසගවා ඔබට පැවසීම අනිවාර්යයි. මේ විදිහට ඔහු ඔබට හැමදේම පවසනවානම් ඔහු ඔබට ආදරෙයි.


10. ඔහුට වඩා ඔබ ගැන හිතනවද?

ඔහු නිරන්තරයෙන්ම ඔබගේ සිනහව දකින්න ඉතාමත් කැමති අයෙක්ද ? ඔහු සියල්ල සිදු කරන්නේ ඔබ වෙනුවෙන් වෙන්න පුළුවන්. සෑම තැනකදීම ඔහු ඔබට මුල් තැන දෙනවද ? ඒ කියන්නේ ඔබට නොපෙන්නුවට ඔහු නිතර ඔබ ගැන සිතනවා කියන එක. ඒහෙනම් ඔහු ඇත්තටම ඔබට ආදරෙයි

SHARE