මාස් ශුද්දිය කාලෙදිත් උද්යෝගිමත්ව ඉන්න ටිප්ස් 06 ක්.

සෑම දින 28 වතාවක්ම ඔබ මේ තත්වයට මුහුණ දෙනවා නේද? මේ කාලවකවානුව තුල ඔබට ආහාර ගන්න, කාර්යාලයේ වැඩ කරන්න. එහෙමත් නැත්නම් ඔබගේ ළගින් සිටින්නන් ඇසුරු කරන්න සිතේ කිසිදු ආසාවක් නැතිවෙන්න පුළුවන්. අපි කතා කරන්න යන්නේ, කොහොමද ඔබ වෙනද වගේම උද්යෝගයකින් මේ දින කිහිපය ගත කරන්නේ කියලා.

fb-like-beg


1. තරගකාරී දෙයකට යොමු වෙන්න.

ඔබ කළ යුතුම දෙයක් තමයි ඔබගේ මනස මෙම තත්වයෙන් මුදවා ගැනීම. මස් ශුද්දිය නිසා ඇති වෙන ඇගේ වේදනාව, උදරයේ වේදනාව ගැන නිතරම සිතන්න ගියොත් වෙන්නේ ඔබත් මනසින් තවත් ලෙඩ වෙන එකයි. ඒ නිසා ඔබට පුළුවන් මනස වෙහෙසන කුඩා ක්‍රීඩාවන් කරන්න. මේ සඳහා brain puzzle හොඳ විසදුමක්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබගේ දුරකතනයේ ඔබ වඩාත් අසාවෙන් සිටින game එකක් play කරන්න.


2. පොතක් කියවන්න.

මෙහිදී ඔබ කියවන්න ඕනේ, වෙනදා ඔබ සාමාන්‍යයෙන් කියවන පොතක් නෙවෙයි. මේ කාලය තුල ටිකක් විතර වෙනස් විදිහේ පොත් කියවන්න. ඔබගේ සිතේ කුතුහලයක් ඇතිවන පොතක් නම් වඩාත් හොදයි. නමුත් ඔබ පොත් කියවන්න කිසිම කැමැත්තක් දක්වන්නේ නැත්නම් පොත් කියවන්න යන්න එපා. ඔබට පුළුවන් ඔබ ආදරය කරන නළුවෙක් එහෙමත් නැත්නම් නිළියක් ඉන්න ලස්සන ෆිල්ම් එකක් බලන්න. මේ තුළින් ඔබට හැකි වෙයි මනා තෘප්තියකින් යුතුව දවස ගෙවන්න.


3. ඔබ කැමතිම පුද්ගලයෙක් සමඟ සුහඳ හමුවක්.

මේ කරුණට නම් ඔබ වඩාත්ම කැමති බව අපි දන්නවා. ඔබට පුළුවන් ඔබ වඩාත් ප්‍රිය කරන කෙනෙක්ව මුණ ගැසෙන්න යන්න. ඔහු හෝ ඇය සමඟ ඇති වෙනකන් කතා කරන්න. ඇවිදින්න යන්න. ඔබගේ සියලුම වේදනාවන් ඇත්තටම ඔබට අමතක වෙයි.


4. පරණ යාලුවෙක්ට කතා කරන්න.

ගොඩ කාලෙකින් හම්බුනේ නැති පරණ මිතුරෙක් සමඟ කතාකරන්න. ඇත්තටම ඔබට කතාකරන්න ගොඩක් දේවල් ඇති. පරණ මිතුරන් ගැන, ඔවුන් දැන් කරන්නේ මොනවද, ඕපාදූප නම් ගොඩයි නේද ? මේ නිසාම ඔබට කාලය ගත වෙනවා තේරෙන්නෙවත් නැතිවෙයි.


5. ව්‍යායාම කරන්න.

අනෙක් දවස් වගේම මනා උද්‍යෝගයකින් සිටීමට ඔබට ඉතාමත් වැදගත් දෙයක් තමයි ව්‍යායාම කියන්නේ. ඔබ නිරන්තරයෙන් දිනකට විනාඩි විස්සක්වත් ව්‍යායාම කිරීම සඳහා යොමු වන්න. මෙම පුරුද්ද මාස් ශුද්දිය සැදුණු කාලය තුලත් කිසිම හේතුවක් මත නතර කරන්න එපා. මේ තුලින් ඔබට කායික වගේම මානසික නිරෝගිබව හිමි වීම නිසැකයි. මාස් ශුද්දිය තුළ සාමාන්‍ය ආකාරයෙන් ඔබගේ කටයුතු සිදු කිරීමට ඔබට මෙය පහසුවක් වේවි.


6. ආහාර ගැනීමේදී ටිකක් හිතන්න.

අපි දන්නවා ඔබට මේ දින කිහිපය තුළ එතරම් ආහාර රුචියක් නැතිව ඇති. මේ නිසා ඔබ කන්න කැමති, ඒ වගේම කන්න ආස උනත් ළඟදී කන්න බැරිවුණ රසම රස ආහාර මේ කාලය තුළ රස විදින්න. මේ සඳහා ඔබගේ මිතුරන් එක්කර ගන්නවා නම් එම මොහොත වඩාත් සුන්දර වෙයි. ඒ වගේම ලංකාවේ කාන්තාවන් කරන තවත් එක වැරද්දක් තමයි, මාස් ශුද්දිය තුළ ඇතැම් ආහාර ගැනීම ශරීරයට අහිතකර යැයි සිතීම. ඔබ දන්නවද මේ කාලය තුල ශරීරයට මනා පෝෂණයක් ලබාදීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබ ආස කරන ආහාර බය නැතිව රස විඳින්න.

SHARE