සම සම්බන්ධව කාන්තාවන් මුහුණපාන පොදු ගැටළු 05ක්

හැම කාන්තාවම කැමතියි තවත් කෙනෙක් ඔබව වර්ණනා කරනවා නම්, එහෙම වර්ණනා කරන තත්වයට ලස්සන වෙන්න තමයි හැම කෙනෙක්ම උත්සහ දරන්නේ. මේ උත්සාහයේදී ඔබට පොදුවේ මුහුණ පාන්න වෙන සම සම්බන්ධ තත්වයන් කිහිපයක් ගැන තමයි අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තුලින් කතා කරන්නට සුදානම් වෙන්නේ. මේ ගැටළු විශේෂයෙන්ම ගර්භනී සමය තුල ඔබට මුහුණ පාන්නට සිදුවෙන්න පුළුවන්. ගර්භනී බව කියන්නේ ඇත්තටම වගකීම් වලින් පිරුණු කාලයක්. තවත් ජීවයක් තමන්ගේ කුස තුල දරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබේ ශරීරයේ හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. එවිට මේ අපි කතා කරන්න යන ගැටළු ඔබට ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ ඉහලයි. ඔබේ ජිවිතයේ කවදාම හෝ දවසක ඔබ මේ ප්‍රශ්න වලින් එකක් හෝ කිහිපයකට අනිවාර්යයෙන්ම මුහුණපාලා ඇති.

fb-like-beg


01) කුරුලෑ

විශේෂඥයන් දක්වන ආකාරයට ලොව පුරා කාන්තාවන්ගෙන් හරි අඩක් මේ කුරුලෑ ප්‍රශ්නයෙන් දුක් විඳිනවා. කුරුලෑ කියන්නේ අපේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය මත ඇතිවන දෙයක්. සමහර කාන්තාවන්ට සිය ගර්භානි අවදියේදී මේ කුරුලෑ ප්‍රශ්නය තදින්ම ඇතිවෙන්නට පුළුවන්. මේ කාලය තුල ඔබ ඉන්නේ තරමක් මානසික ආතතියෙන් වෙන්නට පුළුවන්. දරුවෙක් කියන්නේ විශාල වගකිමක්නේ. ඒ වගේ අවස්තාවලදී ඔබේ ආතතිය අවම වෙන ආකාරයට කටයුතු කරන්න. එවිට ඔබේ හෝර්මෝන තත්වය යතා තත්වයට පත්වේවි.

කුරුලෑ කරදරයෙන් බේරෙන්න උණු ජලයෙන් මුහුණ සෝදන්න. සක්‍රබ් කිරීමෙන් වලකින්න. ඔබට පාලනය කරගත නොහැකි තරම්ම ඔබේ ගැටලුව දරුණුයි නම් වෛද්‍ය වරයෙකු හමුවන්න.


02) සොරයිසිස්

සොරයිසිස් කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා මතුවන නිදන්ගත රෝගයක්. සොරයිසිස් වල පොදු ස්වරුපය තමයි සුදු පැහැයට සම මත ඇතිවන ලප. මේවා වැඩි වශයෙන් දිස්වන්නේ දණහිස් සහ වැලමිට ප්‍රදේශයේ. මේ ප්‍රදේශ වල නෙවෙයි ශරීරයේ ඕනම තැනක මේ රෝගය ඇතිවෙන්නට පුළුවන්. ඔබට සැකයක් ඇති උනොත් ඔබට ඇත්තේ සොරයිසිස් කියල නොපමාව වෛද්‍යවරයෙකු හමුවන්න.


03) සම ඉරි තැලීම්

ගර්භනී කාන්තාවන්ගෙන් 75% ත් 90% ත් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම සිය ගර්භනී සමය තුල සම ඉරි තැලීම් වලට ලක් වෙනවා. මේ තත්වය හොඳින්ම දක්නට ලැබෙන්නේ ගර්භනී අවදියේ අවසාන මාස 03 අතරතුරය. ඔබේ කුස තුල වැඩෙන ජීවියාට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා දීමට ඔබේ සම ප්‍රසාරනය වීමේදී මෙම තත්ත්වය ඇතිවෙනවා. මිට අමතරව ඔබ මහත් වීමේදී, මල්වර වීමෙන් පසු ඔබේ ශරීරයේ සිදුවන වෙනස් වීම් වලදීත් ඔබේ සැම රැලි වටෙන්නට හැකියාව තියනවා. මේ ඉරි තැලීම් රෝස හෝ දම් පැහැයක් ගන්න අතර වැඩි වශයෙන් කුස ප්‍රදේශයේ දකින්නට පුළුවන්. එයට අමතරව පියයුරු වල, කලවා ප්‍රදේශයේ, ඉන ප්‍රදේශයේ සහ තට්ටම් ප්‍රදේශයේත් මේ තත්ත්වය දකින්නට පුළුවන්. සම්භාහනය සහ තෙතමනය රඳවා ගන්නා හොඳ ආලේපනයකට පුළුවන් මේ තත්වය සමතයකට පත් කරන්න. ඔබ මේ සඳහා ආලේපනයක් තෝරා ගැනීමේදී විටමින් E සහිත ආලේපනයක් තෝරාගන්න.


04) ලප කැළැල්

මෙම කරදරකාරී ලප පැල්ලම් ඇති වන්නේ ඔබේ සම අධික හිරු රශ්මියට නිරන්තරයෙන් නිරාවරනය වූ විටය. හිරු එළියේ ඇති සමට අහිතකර කිරණ නිසා සම පිළිස්සීමට ලක් වෙනවා. එවිට සමේ පැහැය වෙනස් වීමට ලක් වෙනවා. අපේ ශරීරයේ සෛල මෙලනින් නිෂ්පාදනය කරනවා. මෙලනින් මඟින් තමයි අපේ සමේ පැහැය ඇතිකරන්නේ. අධික හිරු එලිය, මෙම සංඝටක වලට හානි පමුණුවන නිසා අසමාන සමේ පැහැය, අඳුරු ලප, ඔබේ සමේ ඇතිවෙන්නට පුළුවන්. මේ සඳහා කලයුතු දේ තමයි හොඳ සන්ක්‍රීම් එකක් භාවිත කිරීම. තෙතමනය රඳා පවත්වාගන්න සහ දැඩි හිරු රශ්මියෙන් ඔබව ආරක්ෂා කිරීම යන වාසි දෙකම ඔබට මෙයින් ලබා ගන්නට පුළුවන්. තද පාටින් යුතු පැල්ලම් සඳහා ඔබට් බ්ලිචින් ප්‍රතිකාරය සිදුකරන්න පුළුවන්


05) කුෂ්ට

ඔබේ ජිවිත කාලය තුල ඔබ විව්ධාකාරයේ කුෂ්ට හෝ පලු අත්විදලා ඇති සමහර අවස්ථාවල අපේ ශරීරයේ කෘමි සතුන් දෂ්ට කල විට එහෙමත් නැත්නම් විස සහිත ගහක් කොලයක් ගෑවුනු විටත් මේ ඔපලු ඇතිවෙන්නට පුළුවන්. අද අපි කතා කරන්නේ ගර්භනී අවධිය තුල ඇතිවිය හැකි කුෂ්ට ගැනයි. මේ තත්වය PUPPP (Pruritic urticarial papules and plaques of pregnancy) කියල තමයි විද්‍යාත්මකව හඳුන්වන්නේ. මෙම කුෂ්ට වර්ගය කුඩා ලපයක් ලෙස ආරම්භ වී ක්‍රමයෙන් කලවා, පියයුරු, බාහු සහ තට්ටම් ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වෙනවා. බොහෝ අවස්ථාවල මෙම කුෂ්ට වර්ගය කසන්නට පටන් ගන්නවා. ඒ වගේ අවස්තාවක වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි හොඳම දේ.

SHARE