වට්ටක්කා රස හතරකට

01 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වට්ටක්කා 1kg
  • සුදු ළූණු  බික් 4ක්
  • කැකුළු හාල්  තේ හැඳි 1
  • පොල් මේස  හැඳි 1
  • ලියාගත් රතු ළූණු මේස හැඳි 1
  • උම්බලකඩ  කුඩු මේස හැඳි 1
  • අමු මිරිස් කරල් 3
  • කරපිංචා  ඉති 1
  • පොල් කිරි කෝප්ප
  • බැදගත් උළු හාල්
  • මිරිස් කුඩු
  • තුන් පහ කුඩු
  • ගම්මිරිස් කුඩු
  • සීනි මේස හැඳි 1
  • ලුණු කුඩු මේස හැඳි 1
  • පොල් තෙල්

සාදන ආකාරය :-

  • වට්ටක්කා සෝදා අඟලක් පමණ ඝනකමට කැබලි කපාගන්න.
  • දිය කිරි දමා  සියලු තුන පහ එක්කර ලුණු යොදා ලිප තබන්න
  • වට්ටක්කා ඉදුණු පසු, සුදු ළූණු, අබ, පොල් අඹරා උකු පොල් කිරි සමඟ එක් කර දිය කරන්න. එය දැන් වට්ටක්කා එකට එක්කරන්න.
  • හොඳින් නටන විට සීනි දමා තවත් රස ගන්නවන්න. පසුව තෙම්පරාදු කරන්න.

fb-like-beg


02 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වට්ටක්කා 1kg
  • කැකුළු හාල්  තේ හැඳි 1 පොල් මේස හැඳි 1
  • අබ තේ හැඳි 1
  • ලියා  ගත්  රතු ළූණු  මේස හැඳි 1
  • අමුමිරිස්  කරල් 2
  • සුදු ළූණු  බික් 3
  • පොල් කිරි කෝප්ප 1
  • බැදගත් උලුහාල් තේ හැඳි 1
  • පොල් තෙල්
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1
  • තුන පහ කුඩු මේස හැඳි 1
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 1
  • ලුණු කුඩු මේස 1
  • රම්පෙ කරපිංචා

සාදන ආකාරය :-

  • වට්ටක්කා සෝදා අඟලක් පමණ ඝනකමට කපා ගන්න
  • ලුණු ආදී සියලු කලමනා දමා  වට්ටක්කා මාලුව ලිප තබා ඉදෙන විට, බැඳ  අබරා ගත් පොල් ආදිය උකු කිරට මිශ්‍ර කරන්න.
  • හොඳට නටන විට තෙම්පරාදු කර ලිපෙන් ඉවත් කරන්න.

03 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වට්ටක්කා 1kg
  • කුරුඳු කැබලි 2
  • පොල් කිරි කෝප්පයක් ලියාගත් ළූණු මේස හැඳි 1
  • උම්බලකඩ මේස හැඳි 1
  • අමුමිරිස් මේස හැඳි 1
  • සුදු ළූණු බික් 2
  • බැදගත් උළු හාල් මේස හැඳි 1
  • පොල්තෙල්
  • කහ කුඩු මේස හැඳි 1
  • තුනපහ කුඩු මේස හැඳි 1
  • ලුණු කුඩු මේස හැඳි 1
  • කරපිංචා, රම්පෙ

සාදන ආකාරය :-

  • වට්ටක්කා සෝදා අඟලක් පමණ ලොකුවට කපා ගන්න.
  • බඳුනක් ලිප තබා තෙල් රත්කර සුදු ළූණු, රතු ළූණු, රම්පෙ, කරපිංචා අමුමිරිස්, කුරුඳු එක්කර බැදෙනවිට මිරිස් තුන පහ කහ, ගම්බිරිස්, ලුණු. උම්බලකඩ උළුහාල් ආදිය දමා කලවම් කරන්න.
  • එයට වට්ටක්කා  ටික එක්කර කලවම් කර දියකිරි හෝ වතුර කෝප්ප එක හමාරක් පමණ දමා තැම්බෙන්න හරින්න.
  • හොදින් තැම්බුන පසු උකු කිරි සීනී හා බැදගත් තුනපහ කුඩු දමා ස්වල්ප වෙලාවකින් ලිපෙන් ඉවත් කර ගන්න

04 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වට්ටක්කා කිලෝ ග්‍රෑම් 1
  • අබ තේ හැඳි 1
  • සුදුරු තේ හැඳි 1
  • කොත්තමල්ලි තේ හැඳි 1
  • ලියාගත් රතු ළූණු මේස හැඳි 1
  • උම්බලකුඩු කුඩු මේස හැඳි  1
  • අමු මිරිස් කරල් 2
  • සුදුලූනු බික් 4
  • බැද ගත් උළුහාල් තේ හැඳි භාගයක් පොල් තෙල්
  • කහ කුඩු
  • තුනපහ කුඩු
  • ගම්බිරිස් කුඩු
  • ලුණු කුඩු
  • රම්ප කරපිංචා

සාදන ආකාරය :-

  • වට්ටක්ක සෝදා කෑලි වලට කපා මිරිස් තුනපහ කුඩු ලුණු හා වතුර දමා තැම්බෙන්න හරින්න.
  • හොඳින් තැම්බුණ පසු තෙල් ලිප දම එයට රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස් ලියා දමා බැදුණු පසු වට්ටක්කා එයට දමා ලිපෙන් ඉවත් කරගන්න.
  • ඉන් පසු අබ, සූදුරු, කොත්ත මල්ලි හා ගම්මිරිස් වට්ටක්කා ව්‍යංජනයට කලවම් කර මේසයට යවන්න
SHARE